මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කරනු ලැබීය.
අධිකවැසි හේතුවෙන් එම මාර්ගයේ දෙවැනි වංගුව අසල පස් කදු කඩා වැටීමක් 19 වනදා සවස සිදුව ඇති අතර මේ හේතුවෙන්මහනුවර මහියංගණ මාර්ගයේ අවහිර වී ඇති කොටසේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසා දමා තිබිණි.
මේ අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කළ ස්ථානීය නිරීක්ෂණය අනුව එම මාර්ගය මේ වන විට දැඩි අවදානම් නොවන නිසා වාහන ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ අධ්යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසීය.
කෙසේ වුවත් අධික වැසි අවස්ථාවලදී එම මාර්ගයේ තව දුරටත් පස් කදු කඩා වැටමේ අවදානමට ලක්විය හැකි බැවින් රියදුරන් පරීක්ෂාකාරී විය යුතු යැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.
මොහොමඩ් ආශික්


