දිවයින හරහා සුළං වේගයේ හා නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් සැප්තැම්බර් මස 18 දා සිට 21 දා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා විශේෂයෙන්ම උතුර, උතුරුමැද හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.