ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගෙන් බොහෝ පිරිසක් පක්ෂයේ මතයට පිටින් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
මේ නිසා මෙම කිහිපදෙනා ගැන පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගැනීමට කාලය එළැඹ තිබෙන බවද අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.