අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිනමක් තෝරා ගැනීමට අද (27දා) අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමි ප්රමුඛ කාරක සංඝ සභාව පස්වරු 3.00 ට මංගල උපෝසථාගාරයට රැස්වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ අනුනායක ධුරය හෙබ වූ අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහනායක පදවියට පත්වීමෙන් අස්ගිරි මහාවිහාරීය අනුනායක පදවි දෙකක් පුරප්පාඩු විය.
පුරප්පාඩු වූජ්යෙෂ්ඨ අනුනායක පදවියට වේඬරුවේ උපාලි හිමියන් පත්ව සිටින අතර පුරප්පාඩු වූ අනුනායක පදවිය සඳහා අපේක්ෂාවෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි සහ මහියංගණ රාජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත යන හිමිවරුන් ඉදිරිපත් වී ඇත.