සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ සුදුසුකම් ලබන පවුල් 150,000ක් සඳහා සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව එම වැඩසටහන සඳහා නව ප්‍රතිලාභීන් හඳුනාගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවා ඇති අතර දැනට සමෘද්ධි සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ මූලිකයන් විසින් ගෘහ මූලිකයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංක, වයස, පවුලේ වර්තමාන ආදායම් මාර්ග සහ වෙනත් අදාළ තොරතුරු ආදිය ඇතුළත් අයදුම් පත්‍රයක් 2018.07.31 වැනිදාට පෙර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ යුතු බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමෘද්ධි සහනාධාර බලාපොරොත්තුවෙන් මේ වන විටත් විවිධ පුද්ගලයන් සහ ආයතන වෙත ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති අයද නව ක්‍රමය යටතේ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුව තිබේ.
සුදුසුකම් සහිත අයදුම්පත්/පවුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ පළමු වටයේ ප්‍රමුඛතා ලේඛනයට ඇතුළත් කොට සමෘද්ධි වැඩසටහනේ ප්රතිලාභියෙකු ලෙස හඳුනාගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.