අගමැතිවරයා ලබන මාසයේදී චීනයට යාමට නියමිත බවත්, එම සංචාරයේදි මෙරට සංවර්ධන වැඩපිළිවෙළ ගැන තවදුරටත් අවධානය යොමු කරනු ඇති බවත්, රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුව ප්රමුඛත්වයක් දී ඇති බවත්, විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෛත්‍රී - රනිල් සුසංයෝගය තුන්කල් දැක්මකින් රට ඉදිරියට ගෙනයන බවද කියා සිටි ඇමතිවරයා රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පාර්ශවයන්ට එරෙහිව ලබන 15 වැනිදා තරුණයින්ගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේදී සහයෝගිතා රැළියක් පවත්වන බවද හෙතෙම පැවසීය.
රුපියල් බිලියන 1042.8ක තවත් විදේශ ණයක් ගැන තොරතුරු හෙළි වීම නිසා වැට් බද්ද වැඩි කිරීමට සිදුවූ බවද, ඒ නිසා එය රාජපක්ෂ බද්ද ලෙස හැඳින්වීමට සිදුව ඇතැයිද අමාත්‍යවරයා පැවසයී. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ණය ගනිද්දී මේ ආකාරයට ගියොත් අලුතින් එන කෙනෙකුට තවත් අවුරුදු දෙකක්වත් ඉදිරියට රට කරගෙන යාමට නොහැකි බවට එවකට ඇමතිව සිටි විමල් විරවංශ කියා සිටි බවයි.
සිය මිත්‍ර විමල් වීරවංශ ඇමතිවරයා දිව්‍යඥාණය පහල වී කළ එම ප්‍රකාශය දැන් සත්‍ය වී ඇති බවත්, ඉකුත් රජය සමයේ ඉවක් බවක් නැතිව ගත් ණය නිසා මේ ආකාරයට බදු වැඩි කිරීමට සිදුව ඇති බවත්, පැවසූ ඇමතිවරයා මේ නිසා එය රාජපක්ෂ බද්ද යැයි කියා සිටියේය.