වෙසක් උත්සවය සඳහා දන්සල් පැවැත්වීමට බලාපොරොත්තු වන සියලුම දෙනා මෙම මස 15 වැනි දින වනවිට අදාළ බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ ලියාපදිංචි කරගැනීම සිදුකරන්නේ මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ආහාරපාන ලබාදෙන ස්ථානයක් බවට පත්කර ගැනීම සඳහා උපදෙස් ලබාදීමට බවද එම සංගමය පවසයි.