15 හැවිරිදි දැරියක් හත් මසක ගැබිණියක් කල 15 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලීසිය සඳහන් කරයි.
තමන්ට විටින් විට උදරාබාධයක් ඇති වන බවය දැරිය විසින් සිය මවට පැවසීමත් සමග දැරියගේ මව විසින් ඇයව මුල්ලේරියාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදි වෛද්‍යවරුන් විසින් සිදුකල පරීක්ෂාවකදී ඇය ගැබිණියක් බවට අනාවරණය කර ගෙන ඇත.
පසුව සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ අදාල දැරිය අධ්‍යාපනය ලබන පාසලේම අධ්‍යාපනය හදාරන 15 හැවිරිදි පාසල් සිසුවෙකු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්ද නොමැති බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇතැයිද සඳහන්.
දැරිය රෝහල්ගත කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් බවසා ඇතැයි පොලීසිය ප්‍රකාශ කර සිටියි.
සැකකාර පාසල් සිසුවා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂන පවත්වනු ලබයි.