කොළඹ සිට මහනුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගි දුම්රිය සේවයක්
වග දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රියක් ධාවනයට
සති අන්තයේදී ගල්කිස්සේ සිට යාපනය දක්වා නව සති අන්ත සීඝ්‍රග්‍රාමී දුම්රියක්
කොළඹ කොටුවේ සිටි අනුරාධපුර දක්වා නව සීඝ්‍රගාමී දුම්රිය සේවයක්
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන සැලැස්මේ වෙනසක් සිදුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ් අනුව නව දුම්රිය ධාවනයට එක්කිරීම, පාක් ඇන් ඩ්‍රයිව් ක්‍රමය ප්‍රචලිත කිරිම, සිසු සැරිය පුළුල් කිරීම, නව ඉන්ධන හල් දෙකක් ස්ථාපිත කිරිම මේ අතර වෙයි.
මේ අනුව කොළඹ සිට මහනුවර දක්වා නව සීඝ්‍රගාමී සුඛෝපභෝගි දුම්රිය සේවයක් දිනපතා ධාවනයට එක්කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ් අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 5.20ට ආරම්භ කරන දුම්රිය මහනුවරට පෙරවරු 8.14 ළගාවීමට නියමිත බවත් නැවතත් මහනුවරින් පස්වරු 4.50ට ගමන් ආරම්භ කරන දුම්රිය රාත්‍රී 7.40ට කොළඹ කොටුවටත් ළඟාවීමට නියමිතය. මෙම දුම්රිය 15 දා සිට ධාවනයට එක්වෙයි.
ඒසේම වග දුම්රිය ස්ථානයේ සිට කාර්යාල දුම්රියක් ධාවනයට එක්කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දුම්රිය වග දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.20ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 8.12ට කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමටත් කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.00ට ගමන් ආරම්භ කරන දුම්රිය යළිත් පස්වරු 5.40ට වග දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය. මෙම දුම්රිය 15දා සිට ධාවනයට ඒක්වෙයි.
ඒසේම සති අන්තයේදී ගල්කිස්සේ සිට යාපනය දක්වා නව සති අන්ත සීඝ්‍රග්‍රාමී දුම්රියක් ඒළැඹෙන 17 දා සිට ධාවනයට ඒක්කිරීමට නියමිතය.
මෙම දුම්රිය සිකරාදා රාත්‍රී 10ට ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර සෙනසුරාදා පෙරවරු 5.30ට යාපනයට ළඟවීමට නියමිතය. නැවතත් එම දුම්රිය ඉරිදා රාත්‍රී 10ට යාපනයෙන් ගමන් ආරම්භ කිරිමට නියමිත අතර එය සුඳුදා පෙරවරු 5.30ට කොටුවට ළඟාවීමට නියමිතය.
මීට අමතරව කොළඹ කොටුවේ සිටි අනුරාධපුර දක්වා නව සීඝ්‍රගාමී දුම්රිය සේවයක්ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවැසීය.
ඒම දුම්රිය පෙරවරු 4.15ට කොටුවෙන් ගමන් ආරම්භ කර උදෑසන 8.15ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතය. ඒම දුම්රිය නැවතත් පසුදින පෙරවරු 3.45ට අනුරාධපුරයෙන් ගමන් ආරම්භ කර පෙරවරු 8.00ට කොළඹට ළගාවීමට නියමිතය.
ඒසේම මාකුඹුර, කඩවත හා කටුබැද්ද ප්‍රවාහන මධ්‍යස්ථාන තුළින් පෙරවරු 6.30 සිට පෙරවරු 8.00 දක්වා විනාඩි 10න්10ට බස් රථ ධාවනයට එක්කරන බවත් ඉන් අනතුරුව පැයෙන් පැයට බස් ධාවනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව සවස 4.00 සිට සවස 6.00 දක්වා කොළඹ කොටුවේ සිට මාකුඹුර, කඩවත හා කටුබැද්ද වෙත විනාඩි 15න් 15ට බස් රථ ධාවනය කරවන බවත් ඉන් අනතුරුව පැයෙන් පැය බස්රථ ධාවනයට එක්කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මීට අමතරව කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග ඉල්කක කරමින් මුල් අදියර යටතේ සිසු සැරිය බස් රථ 20ක් ධාවනයට එක්කරන බවත් මසක් තුළ බස් රථ සංඛ්‍යාව 50ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවැසිය.
එසේම මාකුඹරට හා බැස්ටියන් මාවතට නව ඉන්ධන පිරවුම්හල් දෙකක් ස්ථාපිත කිරිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.