විරවිල නව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසුවේ හම්බන්තොට සිදුකළ සංවර්ධනය සුදු අලියෙක් බවට පත්නොකිරීම වත්මන් රජයේ වගකීම බවයි.
වීරවිල නව පොලිස් ස්ථානය ඊයේ විවෘත කළ අතර ඒ සඳහා අමාත්‍ය සජිත් ප්‍රේමදාසද හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුද එක්වූහ.
එසේම මහජනතාවට පොලිසිය සමීප විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. පොලිස් නිලධාරින් සරිලන වැටුපක් ඉදිරියේදි ලබාදීමට කටයුතු කරන බවයි ඔශු මෙහිදී පැවැසුවේ.