විදුලිබල සම්ප්‍රේෂණය සිදුකරන සියලුම බලාගාරවලට හා උපපොළවල් සඳහා හමුදා ආරක්ෂාව යොදන ලෙසට විදුලිබල නියෝජ්‍ය අමාත්යනීතිඥ අජිත් පී.පෙරේරා මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇත.
ඊයේ (13දා) දිනයේ සිදුවූ විදුලි බිඳවැටීම පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුව ඇත්ද යන සැකයක් ඇතිවීම ඇතුළු හේතු කිහිපයක් නිසා අදාළ ස්ථානවලට හමුදා ආරක්ෂාව යෙදවීමට රජය තීරණය කර තිබේ.