හබරණ, හිරිවඩුන්න ප්‍රදේශයේ පදිංචි දාහතර හැවරිදි පිරිමි දරුවෙකුට රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයක් තුලදී ලිංගික අතවරයක් සිදුකල බව කියන එම රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයකු ඊයේ (18) අත්අඩංගුවට ගත්බව හබරණ පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පදිංචි තිස්හය හැවරිදි, හබරණ ග්‍රාමීය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයකු බව අනාවරණය වී තිබෙි.
සිද්ධිය වු දින හබරණ ග්‍රාමීය රෝහලේ හෙදියක් ලෙස සේවයකරන තම මව මුණගැසිමට මෙම පිරිමි දරුවා පැමිණ ඇති බවත්, එහිදි මෙම වෛද්‍යවරයා,රෝහලේ ඇති තම නේවාසිකාගාරයට දරුවා රැගෙනගොස් එම දරුවාට මෙම ලිංගික අතවරය සිදුකර ඇති බවත්, පොලිසිය පවසයි.
අත්අඩංගුවටපත් සැකකාර වෛද්‍යවරයා අද ( 19) අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි. හබරණ පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
නයනජීව බණ්ඩාර