දාහතර වැනි කොරියානු භාෂා ප්රවීණතා විභාගය ජූනි මස 13 හා 14 දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිත බවත්, ඒ සඳහා අයදුම්කරුවන් 13,083 ක් ඉදිරිපත් වී ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
කොරියානු භාෂා ප්රවීණතා විභාගය යටතේ මෙවර නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පමණක් පවත්වන බවත්, වැඩිදුර විස්තර www.slbfe.lk වෙබ් අඩවිය තුළින් ලබාගත හැකි බවත් විදේශසේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.