14 වන කොරියානු භාෂා ප්රවීනතා විභාගය මෙවරත් ජූනි මස 13 හා 14 දෙදින පැවැත්වීමට නියමිතය. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කි්රයාත්මක කරන මෙම විභාගයේදී නිෂ්පාදන අංශය සඳහා පුද්ගලයින් තෝරාගැනීමට නියමිතය.
පෙර වර්ෂයන්හි මෙම කොරියානු භාෂා ප්රවීනතා විභාගය පැවැත්වූයේ ඔක්තෝබර් මාසයේදීය. නමුත් මෙවර විභාගය ජූනි මස පැවැත්වෙන හෙයින් ඒ සඳහා අයදුම්කරුවන්ට සූදානම් වන ලෙස කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය දැනුම්දෙයි.
කොරියානු රජය හා ශ්රී ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව රැකියා බලපත්ර ක්රමය කොරියානු රජය විසින් ශ්රී ලංකාවට මෙම අවස්ථාව ලබා දේ. මෙම විභාගය ශ්රී ලංකාව ඇතුළු තවත් රටවල් 15 ක මීට සමගාමීව කි්රයාත්මක කෙරේ.
මේවන විට දකුණු කොරියාවේ ශ්රී ලාංකික ශ්රමිකයින් 26000ක් පමණ සේවය කරති.