14 හැවිරිදි දරුවෙක් 09 හැවිරිදි දරුවෙකුට පිහින් ඇන බරපතළ තුවාල
14 හැවිරිදි දරුවෙකු සිදුකළ පිහි ඇනුමකින් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධියෙන් පසු 14 හැවිරිදි දරුවා වස පානය කිරීම හේතුවෙන් ඔහුව ද ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධිය ඊයේ (05) සවස හම්බන්තොට අගුණකොළපැලැස්ස වැටිය ප්රදේශයේ නිවසකදී සිදුවී තිබුණි. 09 හැවිරිදි දරුවාගේ නිවසේදී නිවැසියන් කිසිවෙක් නොමැති අවස්ථාවකදී මෙම පිහි ඇනුම සිදුකර ඇත. එම දරුවන් අසල්වැසි නිවෙස් දෙකක මිතුරන් වන අතර 09 හැවිරිදි දරුවාගේ ශරීරයේ ස්ථාන 6කට හෝ 7කට පිහි ඇනුම් සිදුකර ඇති බවට වාර්තා වූ බවය.
පිහි ඇනුම සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති 14 හැවිරිදි දරුවා දරුණු ලෙස වීඩියෝ ක්රීඩා සඳහා ඇබ්බැහිවූ දරුවෙකු බවත් වාර්තා වෙයි.
09 හැවිරිදි දරුවාගේ නිවසේ සිදුවූ මුදල් සොරකමක් සම්බන්ධයෙන් 14 හැවිරිදි දරුවාට අවවාද කිරීමේ සිද්ධියකින් පසු මෙම සිදුවීම ඇතිවී තිබෙන බවද තවදුරටත් වාර්තා විය.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

