138/2 මත්තේගොඩ - පිටකොටුව මාර්ගයේ ධාවනය වන බස්රථ අද උදෑසන 5.00 සිට වර්ජනයක් අරඹා ඇත. මෙම වර්ජනය නිසා කාර්යාල සේවකයන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දැකගත හැකිවිය.
මෙම වර්ජනය සඳහා ප්රධාන හේතුව වී ඇත්තේ මහරගම - පිටකොටුව බස් සේවකයන් 04 දෙනෙකු විසින් මත්තේගොඩ පිටකොටුව බස් රථයකට පෙරේදා රාත්රියේ පහර දී මුදල් පැහැරගෙන යාමේ සිද්ධියක් බව සඳහන් වේ. මෙසේ පැහැරකෑමට ලක්වූ මත්තේගොඩ - පිටකොටුව බස්රථයේ රියදුරු පෙරේදා රාත්රියේ හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, බස් සේවකයන් මහරගම පොලීසියට මේ ගැන පැමිණිලි කර ඇත. වර්ජනය තවදුරටත් ක්රියාත්මකය.
තිලක් ඇල්විටිගල