වයස අවුරුදු 13ක පාසල් සිසුවෙකුට ලිංගික අතවරයක් සිදු කිරීමට ගිය බව කියන පනස් පස් හැවිරිදි තිදරු පියෙකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි .
එම සිසුවා පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වී සවස් කාලයේ වත්තේගම නගරය ආසන්නයෙන් සිය නිවස බලා යමින් සිටියදී සැකකරු සිසුවා රවටාගෙන ඒ ආසන්නයේ තිබූ කොන්ක්රීට් වැඩපොළට රැගෙන ගොස් ලිංගික අතවරයක් සිදු කිරීමට සැරසෙන අවස්ථාවේදී සිසුවා ඉන් මිදී පලා ගොස් ඇති බව පොලීසිය කියයි .
පන්විල ප්රදේශයේ පදිංචිකරුවකු බව කියන සැකකරුට ලිංගික අතවරය සිදු කිරීමට ගිය සිසුවා ගේ වයසේ මුනුපුරන් සිටින බවද පොලිසිය කියයි .
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක වත්සලා මිහිරානි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරයි .