13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි - ආසන්නම හේතුව හෘදයාබාධයක්
- 14 09 2020
- 16:25
- {{hitsCtrl.values.hits}} views
- ..
කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකු හලාවත මූලික රෝහලේදී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 13ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 60ක් වන පිරිමි පුද්ගලයෙකි. නාවිකයෙක් ලෙස සේවය කර ඇති ඔහු බහරේනයේ සිට පසුගිය 02 දා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුරී සැප්තැම්බර් 09 දා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම මරණයට ආසන්නතම හේතුව හෘදයාබාධයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
