කොළඹ විහාර මහා දේවි උද්‍යානය එළඹෙන 13 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තබන බව කොළඹ මහ නගර සභාව පවසයි. උද්‍යානය තුළ සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙසේ විහාර මහා දේවි උද්‍යානය වසා තබන බව කොළඹ මහ නගර සභාව පෙන්වා දෙයි.
19 වැනිදා සවස සිට නැවතත් සුපුරුදු පරිදි උද්‍යානය මහජනතාව වෙනුවෙන් විවෘත කරන බවද කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් පවසයි.