13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකීය ශ්‍රී ලංකාවක් තුල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් යාපනයේ ජනතාවට සතුටුදායක කාලයක් උදාකර දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (02දා) යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හා ජනහමුවක් අතරදීය.
‘‘මගේ අදහස තමයි ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදුණු 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදිහට තියෙන්න ඕන කියන එක. මම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බිහිවුණු පළාත් සභා හරහා ලබා දෙන සේවාව මීට වැඩිය කාර්යක්ෂමව ලබාදීම සඳහා උපකාරවන සියල්ලක්ම අපි ලබා දෙනවා.
ඒ වගේම තරයේ විශ්වාස කරනවා ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13වන සංසෝධනය අපි ඒ විදහටම තියන්න ඕන එකේ වෙනසක් කරනවට මම කැමති නැහැ.”
popular news
-
දහනායක Saturday, 04 July 2020 07:13 PM
පළාත් සභාවලට මුලින්ම විරුද්ධවුනේ ඔබේ පියා කියල මතකයේ තියෙනවා.ඔබ කරන්නේ පියා කරනලදදේ නම් මෙතනදී වෙනත් දෙයක් කරන්නේ ඇයි ලංකාවට පළාත්සභා අනවශ්‍යබව සිතන මාගේ ඡන්දය සමගි ජන බලවේගයට නොදෙමි මගේ ඡන්දය පළාත්සභා අහෝසිකරන අයෙකුට පමණයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

