වයස අවුරුදු 12 ත් 18 ත් අතර සීමාවේ පසුවන දරුවන්ට එන්නත් ලබාදිය යුතු බවයි ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.
වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට එන්නත් ලබාදීම සුදුසු ද නැද්ද යන්න තීරණය කිරීමට තවමත් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි ලැබී නැහැ.
එන්නත් ලබාදීමේදී ද නිදන්ගත රෝග, දීර්ඝකාලීන ප්‍රතිශක්තිය අඩුවන රෝග ඇති, අවයව බද්ධ කළ, ස්නායුගත රෝග,මංශපේෂි රෝග ආදී රෝග තත්ත්වයන් පවතින දරුවන්ට මූලිකත්වය ලබාදිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.