පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගන් මැති ඇමතිවරුන් තිදෙනෙකුගේ නම් හෙළිව ඇතැයිනියෝජ්ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ඔහු අද (04දා) සඳහන් කළේ දයාසිරි ජයසේකර, රවි කරුණනායක සහ සරත් ෆොන්සේකා එම පුද්ගලයන් තිදෙනා බවයි.
“118 දෙනාගෙන් තුන්දෙනෙක් දැනට අහුවෙලා තිබෙනවා. දයාසිරි ජයසේකර මහතා, අපේ රවි කරුණානයක මහතා චෝදනාවට ලක්වුණා. සරත් ෆොන්සේකා මහතා පිළිගත්තා. අනිත් ගත්ත අයත් පිළිඅරගෙන මේ ගත්ත මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට දුන්නොත් තමයි මහත්මා දේශපාලනය කියලා අපට පිළිගන්න පුළුවන්. දුන්නා කියලා දඬුවමෙන් බේරෙන්න බෑ. රජයේ සාක්ෂිකාරයේ වෙලා මේ දේ කරන්න පුළුවන්.
මගේ ඡන්දයට මම හැමදාම කාලෝ මාමාගෙන් මුදල් ගන්නවා. දයාසිරි ජයසේකර මහතා කළේත් වරදක්, රවි කරුණනායක මහතා කළෙත් වරදක්. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ සල්ලි ආපහු දුන්නොත් හොඳයි. දයාසිරි මහතා සල්ලි අරගෙන බනිනනවා. කෝප් එකෙත් ඉන්නවා. ඒක තමයි කැතම වැඩේ. දයාසිරි මහතාට කෝප් එකේ විරුද්ධ වෙසින් සංවේදී තොරතුරු ලබාදිය හැකිව තිබුණා.”