පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයන් 118 දෙනෙකුගේ නාම ඇතුළත් ලේඛනයක් අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍ය හා මුහුණුපොත හරහා මුදා හර ඇති බවත්, එය ව්‍යාජ කූට ලේඛනයක් බවත් ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට අද (04දා) පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
මෙවැනි ව්‍යාජ කූට ප්රවෘත්ති අන්තර්ජාලයට මුදාහරින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔහු සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
නිශාන්ත වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයාද වන අතර, කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයා ලෙසත්, දූෂණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරයි.