පර්පර්චුවෙල් ට්‍රෙෂරිස් සමාගමෙන් මුදල් ගත් අයගේ නම් හෙළි කළ යුතු බවත් හෙළිදරව් වන නම් ඇතුළත් අය මුදල් සම්බන්ධ රජයේ කිසිදු ආයතනයකට හෝ පාර්ලිමේන්තු කෝප් සභාවකට ඔවුන් ඇතුළත් කිරීම සුදුසු නැති බවත් විද්‍යා හා තාක්ෂණ සහ උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ අද (04දා) ඓතිහාසික ගඩලාදෙණිය විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීම සඳහා පුරාවිද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා ඒ සම්බන්ධව අදාළ නිලධාරීන් සමග එම විහාරයේ සිදුකළ නිරීක්ෂණය චාරිකාවකදීය.
එහිදී සැරයක් හොරකම් කළ මිනිහ තව සැරයක් සොරකම් කරන බවත් අර්ජුන් ඇලෝසියස් තමන් කිසි දිනක දැක නොමැති බවත් වසර 50කට වැඩි රජයේ සේවකයෙකු ලෙස තමන් කිසි දිනක මෙවැනි සිද්ධිවලට ගෑවි නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ වනතුරු මාධ්‍ය ඇතුළු සියලු දෙනා රජය කොටසක් බෙදී වෙන්ව යාවී යැයි සිතූ නමුත් එය එසේ නොවුණ බවත් සියලු දෙනාට විවිධ මත තිබුණත් අවුරුදු 30 – 40ක් එකට එක්ව වැඩ කළ අය බවත් යම් යම් මතවාද තිබුණත් හතුරන් හැටියට ඔවුන් නොදකින අතර පක්ෂ ප්රතිසංවිධාන කටයුතු ඉදිරියට සියලු දෙනාගේ සහයෝගයෙන් සිදුකරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.