කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොක්කා අද (01දා) රාත්‍රී 7.30ට පමණ අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. කොළඹ සිට කුරුණෑගල දෙසට ගමන් ගනිද්දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ඔහු මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර එම මෝටර රථයේ තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු සිටි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසීය.