පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට අභියාචනාධිකරණයේදී පෙනී සිටීමට නොහැකි වූයේ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ නිලධාරීන්ගේ සිදු වූ වරදකින් බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් පොලීසිය කියයි.
මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවකට අදාළව අවස්ථා දෙකකදී පොලිස්පතිවරයාට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස පැවැසුවත් ඒ අවස්ථා දෙකේදීම පොලිස්පතිවරයා අභියාචනාධිකරණයේ පොනී නොසිටි අතර ඒ පිළිබඳව පැහැදිලිකරමින් පොලීසිය මාධ්‍ය නිවේදයනක්ද අද නිකුත් කරනු ලැබීය.