saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 2376 hours ago

LATEST

ගෑස් මිලට ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරය ගැනීමෙන් රජයට කෝටි 114ක පාඩුවක් වීම ගැන විමර්ශනය අරඹයි

calendar_today 2024 අප්‍රේ 16 - 19:19 remove_red_eye - 513  

අඩු මුදලකට ගෑස් සැපයීමට ඉදිරිපත් කර තිබු ටෙන්ඩරය අවලංගු කර වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 114කට ආසන්න පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී මහ මුහුදේදී රුපියල් කෝටි 380 කට අධික වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 263 ක් සමග අත්අඩංගුවට ගත් ධීවරයින් දසදෙනා ලබන 22 වැනිදා දක්වා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අවසර දුන්නේය.

Read More

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

Read More

අධිවේගී මාර්ගවල ධාවනය වූ රථ වාහන වලින් ඉකුත් දින පහ තුළ (10 සිට 15 දක්වා) රුපියල් මිලියන 235 ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අධ්‍යවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය) ආර් ඒ ඩි කහටපිටිය මහතා පැවසීය.

Read More

ඔහු තම නිවයස් නිදන කාමරයේ නිදා සිටින අවස්ථායේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් හරදී යමම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත. ඝාතනය සිදුකයල්ක කවුරුන්ද යන්න යමයතක් අනාවරණය වී ‌නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කළුතර ලැගුම්හලක තාවකාලිකව පදිංචිව සිටි රුසියන් ජාතික කාන්තාවක කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

ප්‍රණීත රසකින් ද අවම ආම්ලිකතාවයකින්ද යුත් මෙම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීම සඳහා සිදුකළ පර්යේෂණ ද සාර්ථක වී තිබේ.

Read More

බෙන්තොට මුහුදු තීරයේ ඊයේ (15) සවස දිය නාමින් සිටියදී දිය රළකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්වී සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද දහවල් (16) අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.

Read More

දුම්රියෙන් හැටන් බලා පැමිණෙන වන්දනාකරුවන් සඳහා විශේෂ බස් සේවාවක් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් යොදවා ඇති බව එම ඩිපෝවේ ධාවන අංශය පවසයි.

Read More

රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අළුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි.

Read More

ලොකු ලූණු අපනයනය තහනම් කරමින් ඉන්දියාව පනවා තිබූ අපනයන තහනම ශ්‍රී ලංකාව වෙත පමණක් ඉවත් කිරිමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

ගම්පොල අඹගමුව පාර ප්‍ර දේශයේ නිවසක පිහිටි අතහැර දමා තිබූ ළිදකට වැටී දියේ ගිලීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වේ.කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

Read More

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලට පසුගිය වසර 05ක කාලය තුළ අපරාධමය නොවන විවිධ පැමිණිලි 4,785,025ක් ලැබී ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එවැනි පැමිණිලි වාර්ෂික සාමාන්‍ය ලෙස පැමිණිලි 957,005ක් ලැබී ඇති බව ද මෙහිදී අනාවරණය විය.

Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අවධානයෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තමන්ට දැඩි ජීවිත තර්ජනයක් තිබියදි, ජීවිත තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයට පත් කරමින් වසර තිහකට අධික කාලයක් තම ජීවිත ආරක්‍ෂාවට සිටි, සිවිල් ආරක්ෂක නිලධාරීන් පස්දෙනා ඇතුළු සියලු ආරක්‍ෂ නිලධාරීන් 11 වෙනිදා ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීම කනගාටුවට කරුණක් බව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් 15 වෙනිදා සවස මඩකලපුව පන්සල්ගල රජමහා විහාරයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.

Read More

ජල කරාමය අසලට ගොස් කරාමය විවෘත කර ඇති අවස්තාවේ වැසිකිළියේ වහලය උඩ තිබූ ජලය සහිත ප්ලාස්ටික් ජල ටැංකියක් ඇයගේ හිස මතට කඩා වැටී, ඇය ඊට යටවී ඇති බව ඇති බව පොලිසිය පවසයි.

Read More

මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවා ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව

Read More

අද දින දහවල් කාලයේ තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍ර දේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණ අඹුසැමි යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 4 ක් තුළ අධිවේගී මාර්ගවල ගමන් ගත් රථ වාහනවලින් මිලියන 150 ක ආදායමක් උපයා ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා සඳහන් කරයි.

Read More

වෙඩි වැදුණු සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති අතර මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න තවම අනාවරණය වී නොමැති බවත්

Read More

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

Read More

අද දිනයේදී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පුස්සැල්ලාව පොලිස් වසමේ, කටුකිතුල ප්‍ර දේශයේදී නුවරඑළිය දෙස සිට ගම්පොල දෙසට ධාවනය වූ වෑන් රථයක්ප්‍ෙරපාතයකට පෙරළී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි. අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා වහුගපිටිය රෝහලට ඇතුළත් කර කර තිබේ. ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් රිදීගම පදිිංචි වයස අවුරුදු 02 ක පිරිමි දරුවෙකු හා අවුරුදු 65 ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු මංගල්‍යයේ හිසතෙල් ගෑමේ ජාතික නැකත අද (15දා) යෙදි තිබේ. මෙහි ජාතික උත්සවය වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ මත්ද්‍රව්‍ය අලෙවියේද නිරතව සිටි බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

පසුගිය වසර තුනක කාලය තුළ ලිංගාශ්‍රිත ආසාදිතයන් 1700ක් පමණ මෙරටින් හඳුනාගෙන ඇති බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනක වේරගොඩ මහතා සඳහන් කරයි.

Read More

ගතවූ දෙවසර තුළ මෙරට ඉංජිනේරුවන් 5000ක් පමණ රට හැර ගොස් ඇතැයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කරයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.