saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 2373 hours ago

LATEST

මොරගහහේන ද්විත්ව ඝාතනයේ සැකකාර ගුවන් සෙබළාට පොලිසියෙන් වෙඩි

calendar_today 2024 අප්‍රේ 08 - 10:02 remove_red_eye - 738  

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට 2023 වර්ෂයේ මාර්තු මස 31වනදා වන විට අවුරුදු 01ක කාලසීමාව තුළ මූල්‍ය වර්ෂයේ පමණක් රජය ලබා දුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් අප්‍රේල් මස 03වැනිදා නිකුත් කර ඇති රාජ්‍ය කළමනාකරණ වියදම් ප්‍රකාශන වාර්තාවේ සඳහන් වේ.

Read More

අද (08දා) දිනයේදී අහසේ දර්ශනය වීමට නියමිත ’යක්ෂයාගේ වල්ගාතරුව’ දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වන බව තාරකා විද්‍යාඥයෝ පවසති. 12P/Pons-Brooks යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වල්ගාතරුව වසර 71කට පසුව මෙලෙස පෘථිවිය පසුකරමින් යයි.

Read More

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට අප්‍රේල් 02වැනිදා දක්වා වූ කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් 566දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අනුව මෙරට පුද්ගලයන් විසින් සිදු කර ගනු ලබන බරපතළම ඛේදවාචකය මෙය වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

Read More

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ අතිසුඛෝපභෝගි ජීප් රථ 51ක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 300කට අධික පාඩුවක් වී ඇති බවට දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව එම අති සුඛෝපභෝගි ජීප් රථ 51ක වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගයක් නිකුත් කළේය.

Read More

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් යොදා ගෙන ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 04/05 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මුන්දලම කලපුවේ මියගිය මසුන් විශාල ප්‍රමාණයක් දක්නට ඇතැයි මුන්දලම ධීවරයෝ පවසති.

Read More

සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන දිළිඳු පවුල් ලක්ෂ 27.5 ක් වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.

Read More

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

ව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .

Read More

කුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

මියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Read More

රාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප

Read More

ආදුරුප්පු වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

Read More

සුවකිරිමට බැරි අසනීපයකින් සහ කතාකිරීමටද නොහැකි වයස අවුරුදු 9ක්වු තම රෝගී දරුවා ගෙලට සියතින්ම තොණ්ඩුවක් දමා සිරකර පුතුව ඝාතනය කර පොලිස් කොස්තාපල් වරයෙකු වූ පියාද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි රාගම රෝහලෙන් වාර්තාවේ.

Read More

කැබිතියොල්ලෑව, මැදවැව, කෝලිබැන්ඳ වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

මහනුවර පොලිස් වසමේ ගැටඹේ දියකපනා තොට පන්සලේ පින් කැට කැඩීමට පැමිණි සොරෙකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .

Read More

කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.

Read More

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

Read More

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.

Read More

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිලි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා එළැඹෙන 17 ද ත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.එ සැකකරුවන දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවය.

Read More

ලංකා ඉතිහාසයේ පළමු වතාවට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දීස්ත්‍රික්කයේ මහාඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන තරුණ ගොවියකු පිළිබඳව පුවතක් වා ර් තා විය .

Read More

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි.

Read More

මොරගහකන්ද ජලාශ මාර්ගයේ සිට නාඋල දෙසට ධාවනය වු කුඩා ලොරි රථයක වන අලියෙකු ගැටී රථය පෙරලියාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි නාඋල පොලිසිය කියයි. අද (05) අළුයම එකට පමණ මොරගහකන්ද - වදුරුමුල්ල ප්‍රදේශයේ දී අනතුර සිදුව තිබේ.

Read More

කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.