saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2309 hours ago

LATEST

සීයා, මිණිපිරිය හා මුණපුරා අනතුරින් මරුට

calendar_today 2024 අප්‍රේ 21 - 09:25 remove_red_eye - 649  

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ඊයේ (20) සවස ත්‍රී රෝද රථයක් හා කැන්ටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු එතැනම මියගොස් ඇති අතර දෙදෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

සීගිරි හා දඹුලු සංචාරක කලාප සංවර්ධන ව්‍යාපෘති වසරේ තුන්වැනි කාර්තුවට පෙර නිම කිරීමට උපදෙස් සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිළධාරීන්ට පෙරේදා (19) උපදෙස් ලබා දුන්නේය.

Read More

අයවැය නිලධරයා සඳහා අතිරේක දීමනා සහිතව රුපියල් 6,65 000 (හය ලක්ෂ හැටපන් දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද නියෝජ්‍ය පාර්ලිමේන්තු අයවැය නිලධරයාට එලෙසම රුපියල් 5,60,000 (පන් ලක්ෂ හැට දහස)ක අවම මාසික ආරම්භක වැටුපක්ද හිමිවන බව මෙම පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අයදුම්පත් කැඳවූ නිවේදනයේ සඳහන්වේ.

Read More

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

කොළඹ සිට හික්කඩුව දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි නවතා තිබූ ශීඝ්‍රගාමී දුම්රියෙන් රුපියල් කෝටියකට අධික විදුලි රැහැන් බ්‍රහස්පතින්දා අලුයම සොරකම් කර ඇති බව

Read More

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට නොගිය සිටින හමුදා සාමාජිකයන් හට අද 20 සිට මැයි මස 20 වනදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි.

Read More

නුවරඑළිය, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන දැඩි උෂ්ණත්වයක් අද 20දා අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇමෙරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින - 2024 ( Queen of the World - 2024 ) තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා තුෂාරි ජයකොඩි මහත්මිය 04/19 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .

Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු මස 25 වෙනි දින තරග විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනු කරනු ලැබී ය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19) ආරම්භ කෙරිණි.

Read More

යාපනය නාගදීප ප්‍රදේශයේදී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටියදී මගී යාත්‍රාවක් තුලදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්ථා වෙයි.

Read More

පෑන් නිෂ්පාදකයන් වසරකට මෙරට වෙළඳපලට පෑන් කොටි 12ක් එක් කරන බවත් එහි අන්තර්ගත ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 80ක් බව ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ණ කාරක සභාවේදී , පසුගිය දිනක අනාවරණය කර තිබෙනවා.

Read More

අරලගංවිල ප්‍රදේශයේ පිඹුරැත්තෑව වැවේ පාවෙන මළ සිරැරක් සෙයාගත් බවට අරලගංවිල පොලිසිය පවසයි.

Read More

පවතින සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීමෙන් මෙරට වියළි කලාපයේ කිරි නිෂ්පාදනය 40%කින් ඉහළ දැමිය හැකි බවට අනාවරණය වී තිබේ.

Read More

වයඹ ඇතුළු දිවයිනේ පළාත් කීපයක ආණ්ඩුකාර තනතුරු වෙනස් කිරීමේ සූදානමක් මේ වනවිට පවතින වාර්තාවේ.රජයේ එම සූදානමට අනුව වයඹ පළාත් ආණ්ඩුකාර තනතුර දරන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ ජපනායේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෆුජි ඩඉජෝ මහතා සමග සාකච්ජාවක් පැවැත්විණි.

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙන බව ආර්ථික ස්ථායීකරණ සහ ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ නාසා ආයතනය අනාගතයේදී අඟහරු වෙත සිදු කරන මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා වැදගත් වන පර්යේෂණයක් වෙනුවෙන් සම්බන්ධ වන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට තේරී පත්වීමට ශ්‍රී ලාංකික තරුණියක වන පියුම් විජේසේකර සමත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ හා ජනතා විමුක්ති පෙරමුණු භීෂණ සමයේදී, පොසොන් උත්සවයට ඝාතන අනතුරු අඟවා තිබීයදී පවා පැවැත්වූ පොසොන් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා සේ මෙවරත් ලෝකවාසී සියලු ජනතාවගේ අනුග්‍රහයෙන් 2024 පොසොන් උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණ වැවේ ධම්මරතන නා හිමිපාණන් පවසයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන ලද උප පොලිස් පරීක්ෂකයෙකු සහ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.18 වන අද දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාරීන්ගේ මිදී පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

ෂැම්පු බෝතලයක අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සඟවාගෙන කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සැමියාට ලබාදීමට අත දරුවෙකුද වඩාගෙන පැමිණි කාන්තාවක අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

මෙරට බන්ධනාගාර තුළ සිටින ඇති ඉඩ ප්‍රමාණයට රඳවා තබා ගත හැකි රැඳවියන්ට ප්‍රමාණය 11000ක් වුවත් මේ වන විට රැඳවියන් 29 800ක් රඳවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ රුපියල් කෝටි දහයක් පමණ වටිනා රේන්ජ් රෝවර් රථය ප්‍රකට නිරූපිකාවක වන පියුමි හංසමාලි ලබා ගැනීම සැක සහිත බවත් ඇයගේ සියලු වත්කම් ගැන විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලා ඊයේ (17) මගේ රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීති විරෝධී වත්කම් ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය

Read More

ඇමෙරිකාවේ වොෂින්ටන් හිදී මෙවර අති උත්කර්ශවත් බක්මහ උළෙල 02 ක් පැවැත්වින. ’’බෙතෙස්ඩා අපි’’ සංවිධානය කල උළෙල ගෙදර්ස්බර්ග් හිදීත් ’’ශ්‍රී ලංකා එසෝෂියේෂන් වොෂින්ටන් DC’’ උත්සවය ඩමස්කස් හිදීත් පැවැත්වින.

Read More

නින්ජා වෙස් ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාල වයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපළ සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.