saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2170 hours ago

LATEST

ලෝකයේ ලොකුම තොරණ ලෙස ගිනස් වාර්තාවකට සැරසෙන පානදුර තොරණ

calendar_today 2024 මැයි 14 - 12:09 remove_red_eye - 11258  

විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසක් පුවක් ගස් හාරසියයක් පළල අඩි 86 යි උස අඩි 82

ජාතික පාරිභෝගික අධිකාරිය විසින් සීනි, කිරි පිටි,ගෑස්, පොහොර, බිත්තර, කීරි සම්බා, බී ලූණු යන භාණ්ඩවල තොග සඟවාගෙන සිටි ලංකාවේ සියලුම වෙළෙඳුන් සම්බන්ධයෙන්,2023 ජනවාරි මාසයේ සිට කිසිඳු වැටලීමක් සිදුකර නොමැති බව, ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා 05/14 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .

Read More

උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සඳහා මාසික පාරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට රුපියල් 103,283 දක්වා 16.5%කින් ඉහළ ගොස් ඇති බව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(14දා) සිට දින 03 කාලයක් සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

Read More

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකතවය ලබා ගත්තේ යැයි පැවසුවද ඔහු වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් හොබවන බැවින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීම සිදු නොකරනු ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

රජයේ විධායක නිලධාරීන්ට ඇති වී තිබෙන විසඳීම ප්‍රමාද කරන නිසා එයට විරෝධය පා ශ්‍රේණි 18 ක සේවය කරන නිලධාරීන් හෙට (15දා) සිට අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

Read More

කුලියාපිටියේ සුසිත් ජයවංශ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සිඟිති ඇතුළු සැකකරුවන් මේ මස 27 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද (13දා) නියම කළේය.

Read More

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම් ආසියාතික රග්බි ශූරතාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමද ජනපති හමු වෙයි.

Read More

යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

අවිස්සාවේල්ල දිසා විනිසුරු නිල රාජකාරී යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මත්පැන් පානය කර මාර්ගයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් කඩුවෙල දිසා අධිකරණය අද (13) නිකුත් කළේය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් හෙට (14) බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පසුගිය ජනවාරී 21වන දින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියේ මෙරටින් පලාගිය සැක කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
රජ පිහිල්ල
13 05 2024 16:45:00
0 796

රජ සමයේ ඉඳි කරන ලද බොහෝ විශ්මිත නිර්මාණයන් අදටත් එපරිද්දෙන් දැක ගන්නට මෙරට වැසියන් හට භාග්‍ය හිමිව තිබේ. එවැනි බොහෝ ඉපැරණි ස්ථාන රැසක් රජ සමයේ පැවැති අයුරින්ම ඒවායේ ක්‍රියාකාරීත්වය එපරිද්දෙන්පැ වැතීම විශ්ම ජනකය.

Read More

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපිමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල 27 හැවිරිදි හිමිනමක කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී අසාධාරණයට ලක්වූ බව කියන වත්තල ශාන්ත අන්තෝනි මහා විදුහලේ ආබාධිත තත්වයෙන් පසුවන සිසුවාට පළමු තෙදින සැපයූ පහසුකම් එලෙසින්ම ඉකුත් සිකුරාදා දින සිට විභාග නිරීක්ෂකයන් තිදෙනකුගේ සහය ඇතිව විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇතැයි වත්තල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ බී කුමාරසිංහ මහතා ඒ පිළිබඳව කරන ලද විමසීමකදී පැවසීය.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව මාතර නගරයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/12) වැටලීම් කරන ලදී

Read More

පේරාදෙණිය රාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් මහනුවර ජෝර්ජී ද සිල්වා උද්‍යානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ .

Read More

කොළඹ නෙළුම් කුළුණේ බේස් ජම්ප් ඉසව්ව වැඩසටහනට අතරතුර පැරෂුටයක් විවෘත වීම ප්‍රමාදවීම හේතුවෙන් විදේශ ජාතික ක්‍රීඩකයකු වහලයක් මතට ඇද වැටී බරපතල තුවාල ලබා

Read More

අස්ගිරියේ පිහිටි පොලිස් නිල නිවස්නයක පදිංචි මෙම පොලිස් නිලධාරියා ඊයේ (12 දින) රාත්‍රී අධික බීමතින් පැමිණ ඔහුගේ බිරිඳට සහ දරු දෙදෙනාට පහර දී නිවසෙන් පලවා හැර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවාට ද කිසියම් ආයුධයකින් පහර දී ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

Read More

මධ්‍යම, සබරගමුව සහ ඌව පළොත්, සහ ගොල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන් මගින් නිකුත් කර තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැබිතිගොල්ලෑව කොට්ඨාසයේ පාසල් සිසුන්ට හා පොලිස් ස්ථාන නිලධාරින්හට ලෙඳර් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය නව වැඩ පිළිවෙලක් ලෙස කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේ ඉදිකළ පැති විකට්ටුව හා ක්‍රීඩා උපකරණ කට්ටල් නවක ක්‍රීඩකයින් අයිතියට පත් කිරීම අද (13) දින උදෑසන කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ ක්‍රීඩා පිටියේදී, කැබිතිගොල්ලෑව කොට්ඨාස භර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්. කේ.වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

ප්‍රජා උපදේශක කමිටු පිහිටුවීමේ චක්‍ර ලේඛයේ කිසි තැනක එහි සාමාජිකයන් ලෙස පළාත් පාලන ඡන්දයට තරඟ කරන අපේක්ෂකයන් පත්කිරීම ගැන සඳහන් නොවන බවද රට පුරා විශ්‍රාම ගිය ඉංජිනේරුවරු, කාර්මික නිලධාරින්, විවිධ වෘත්තීන්වල අය ආදී ප්‍රයෝගික දැනුමක් ඇති ග්‍රාමීය නායකයන්ගේ සහාය රටේ සංවර්ධනය සඳහා යොදාගැනීම මෙහිදී සිදු කෙරෙන බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. පළාත් සභාවේ සිටින උගත්, වගකීම් සහගත අයද යොදාගන්නා බව කී අග්‍රාමාත්‍යවරයා, එසේ නොකරන ලෙස විපක

Read More

වලංගු බලපත් නොමැතිව ගම්පහ නගරයේ පවත්වාගෙන ගිය බව කියන ඔසුසල් දෙකක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි.

Read More

රජරට ප්‍රදේශයේ හටගන්නා ආර්ථික භෝග විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් නොමැතිව ගස් යට වැටී යන බවත්, එම බෝග නාගරික ප්‍රදේශවල සුවිශාල මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවත්, ගොවියා මරා ගෙන කන අතරමැදි මාෆියාව වහා නතර කිරීමට රජයේ පියවර ගත යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

Read More

ආරච්චිකට්ටුව කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථ දායක සභාව විසින් වරෂයක් පාසා නොකඩවා සංවිධානය කරනු ලැබූ ලේදන්දීමේ වැඩසටහන් මෙවරත් 41 වෙනි වරට එම විහාරස්ථානයේදී අද (13) පැවැත්වීය.

Read More

ප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම මයියා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.