saravita-anim2

2025 අගෝස්තු මස 18 වන සඳුදා

2025 අගෝස්තු මස 18 වන සඳුදා

Latest News - timelapse 2105 hours ago

LATEST

ලංකාවේ කළු සල්ලි බැඳුම්කරවල ආයෝජනය කර ඇති බවට සැකයක්

calendar_today 2024 අප්‍රේ 22 - 18:32 remove_red_eye - 321  

ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ආණ්ඩුව කල් මරන බවට සාධාරණ සැකයක් ඇතිවන බවත් ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මී ලඟ වාරිකය මෙරටට අහිමි වීමේ අවදානමක් ද මතු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම වෙනුවෙන් සමාගම් හයක් අභිලාෂ ඉදිරිපත් කර තිබේ. මේ අතරින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගුවන් සේවාවක් වන ෆිට්ස් එයාර් සමාගම මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සභාපතිත්වය දරණ හේලීස් සමාගමද වෙයි.

Read More

පශු වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ බිරිඳට අයත් රුපියල් ලක්ෂ 25 කට අධික වටිනා රන් ආභරණ තොගයක් වෑන් රථයක් තුළ තිබියදී සොරාගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය කියයි

Read More

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ඉරාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වීමට ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

මරණකරුගේ අනන්‍යතාව මේවනතෙක් තහවුරු වී නොමැති අතර අවුරුදු 45ත් 50 ත් වන අතර උස අඩි 05 යි අඟල් 04 ක් පමණ වන අතර උඩුකයට අළුපාට අත්කොට කමිසයක්ද යටිකයට ලාකොළ පාට හා කහපාට කොටු සහිත සරමක්ද ඇඳ සිටි ඇති අතර මුහුණ හඳුනා ගත නොහැකි තරම් විරූපී වී ඇති බව පොලිසීය පවසයි.

Read More

කන්තලේ මූලස්ථාන පොලිස් වසමට අයත් රජඇල ප්‍රදේශයේදී ඊයේ (21) සිදු වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වූ අතර අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කන්තලේ පොලිසිය කියයි.

Read More

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෝටර් රථ තරගකරුවන් දෙදෙනා මේ මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා අද (22දා) නියම කළේය.

Read More

පාසල් ආරම්භ කළ පසු දිවයිනේ 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික දරුවන් ලක්ෂ 16 කගේ යකඩ ඌණතාවය දුරළීම සඳහා සබල කරණය කරන ලද පෝෂ්‍ය පදාර්ථ එක්කල පළාත් මට්ටමින් බෙදා හැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ ගබඩා කර තිබූ කෝටි ගණනක් වටිනා සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු ඒවා බවට හඳුනා ගත් බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (22) ප්‍රකාශ කළේය.

Read More

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි, ඔවුන් දෙදෙනාද මේ වන විට අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය.

Read More

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් උද්‍යානවලින් හා සෆාරි හා රුදවුම් මධ්‍යස්ථානවලින් පසුගිය අවුරුදු දින තුන තුලදී පමණක් රුපියල් එක්කෝටි හැත්තෑ හයලක්ෂ තිස්හත්දාස් පන්සිය හතලිස් හයක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මහත්මිය පැවසීය .

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සමාජිකත්වය දරමින් වෙනත් පක්ෂයක වැඩබලන සභාපති ධුරයට පත්වීමට අදාළව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂයේ විනය මණ්ඩලය විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද ( 22) උදෑසන අභාවප්‍රුාප්ත වී තිබෙනවා

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රියේ ගමන් ගත් මුරුසි ජතික විදේශික සංචාරක කාන්තාවක ඊයේ (21) පස්වරුවේ පට්ටිපොළ - ඔහිය දුම්රිය ස්ථාන අතර දි දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.

Read More

මෙරට තුළ මේ වනවිට පලතුරු ඉදවීම සඳහා නීතිවිරෝධී ලෙස එතෆොන් (Ethephone) රසායනිකය ඍජුව ස්ප්‍රේ කරන බැවින් එම පලතුරු පැය 72ක් යන තෙක් ස්පර්ශ කිරීම මිනිස් සිරුරට අධිඅවදානම් වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් රත්නායක මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා විශාල පිරිසක් ඉල්ලා සිටින බව අධිකරණ , බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගම්පොළදී ඒ මහතා පැවසීය.

Read More

පාස්කු මහමොළකරුවන් සමඟ තමා ඩීල් නොදමන බවත්, සිය රජයක් යටතේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රජජක්ෂ මහතා පත්කර ගැනීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කිරීම සඳහා වැඩම කරවන මෙරට විශාලතම ලෝහමය ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව මහනුවර නගරයෙන් වරකාව පුරාණ විහාරය කරා පිටත්වීම අද (21) දහවල් සිදුවිණි.

Read More

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයාට දන ගසන්නයි අණකර ගෙලට මන්නා පිහියක් තබා මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා රන්මාලය කොල්ලකා නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියකින් පලාගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුර අනුව එහි ඉදිරි සියලු තරග අත්හිටුවීමට තරග සංවිධායකයන් කටයුතු කර තිබේ.

Read More

මේ වන විට පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, පාරිභෝගිකයිනට අවශ්‍ය බිත්තර මෙරට තුළ නිෂ්පාදනය වන බවත් පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ඩී බී හේරත් මහතා පැවසිය.

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන මැයි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .

Read More

දියතලාව නරියාකන්ද ධාවන පටයේදී පැවති ෆොක්ස්හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව දියතලාව පොලිසිය පැවසීය.

Read More

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් 19දා පස්වරුවේ ශ්‍රීපාද මළුවේ සිට රත්නපුර ප්‍රදේශයේ ප්‍රපාතයට පැන ඇති බව ශ්‍රී පාද උඩමළුව පොලිසිය පවසයි.

Read More

මෙතෙක් අඩු ආදායම්ලාභීන්ට පමණක් ඉතුරුම් තැන්පතු පවත්වාගෙන යාමේ සහ ණය පහසුකම් සැපයීමේ පහසුකම් සැලසූ සමෘද්ධි ප්‍රජා මූලික බැංකු මගින් ප්‍රථම වරට රාජ්‍ය සේවකයන් සඳහා ණය ලබා දීමට සමෘද්ධි ලක්සර ණය යෝජනා ක්‍රමය නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

Read More

උප්පැන්න සහතිකයක් නොමැතිකම නිසා මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකිව සිටින වයස අවුරුදු 40 ඉක්මවූ අයට ජාතික හැඳුනුම් පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමට තිබූ අවසන් දිනය මෙම වසරේ ජුනි 30 දක්වා කල් දැමූ බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

රුපියල් මිලියන හත හමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා අප්‍රේල් 26 වෙනි දින දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

Read More

රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි ගිනි ජාතික කාන්තාවන් දෙදෙනෙකු 04/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.