saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1932 hours ago

LATEST

වාද්දූව පෙරහරකත් ඇතෙක්ගේ පහරදීමක්

calendar_today 2024 ජුලි 07 - 11:42 remove_red_eye - 240  

වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (06දා) රාත්‍රි පැවැති පෙරහැරක ගමන්ගත් ඇතෙක් සහායක ඇත්ගොව්වෙකුට පහරදී රෝහල් ගතකර ඇති බව වාද්දුව පොලිසිය පවසයි .

කතරගම මැණික් ගඟේ 02 පාලම ආසන්නයේ දිය නාමින් සිටියදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව කියන පුද්ගලයෙකු ගේ මළ සිරුරක් සොයාගත් බව කතරගම පොලීසිය කියයි.

Read More

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන කැනඩාව බලා පළා යාම සදහා 07/06 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

නියම සමාජවාදය ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමයි. මම ආණ්ඩුව භාර ගත්තේ ආණ්ඩුව භාර ගැනීමට නායකයන් සොයාගත නොහැකි වූ කාලයකයි. රට බංකොලොත්භාවයෙන් මුදාගත් ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කර තිබෙනවා. රටට නව ආර්ථිකයක් සමඟ කුරණෑගලට නව සංවර්ධන සැලැස්මක් – ජනපති.

Read More

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 115/9 සීමා කිරිමට ඉන්දිය පන්දු යවන්නෝ සමත්වුහ. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දිය කණ්ඩායමට සියලු දෙනා දැවි රැස් කර හැකි වූයේ ලකුණු 102ක් පමණි.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුළු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

Read More

පසුගිය 3 වෙනිදා අළුයම් කාලයේ මාතර, කොටවිල, නව මාතෘ රෝහල වෙත ප්‍රතිකාර පිණිස රැගෙන ආ බිළිඳාව, එම රෝහල තුල හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවින් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත ගෙනයන ලෙසට එහි සිටි නිලධාරීන් විසින් උපදෙස් දී ඇත. එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යන විටද මියගොස් ඇති බව වෛද්‍යවරු දන්වා ඇත.

Read More

ගල්ගමුව ප්‍රදේශ‌යේ ජනතාව චන්ඩි නමින් හැඳින්වූ තනි දලයක් සහිත ඇතා ගල්ගමුව, ඇහැටුවැව කදුරුවැව ගම්මානයේ වැවේදී මියගොස් සිටියදී වනජීවී නිළධාරීන් සොයා ගෙන ඇත.

Read More

බදුල්ල කොළඹ රාත්‍රි තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දියතලාව දුම්රිය ස්ථාන අතර දී පිලීපැනිමට ලක් වීමෙන් අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (6) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා ජනපති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ හමුවේ පවසයි.

Read More

2024 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පරිපාලනය පිළිබඳ උසස් මට්ටමේ සමුළුව ඇරඹේ. එම සමුළු ඊයේ (04) චීනයේ ශැංහයි නුවර දී ඇරඹිණ.

Read More

පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු නිවසකට පැහැරගෙන ගොස් නිරුවත් කර සොරකමක් සම්බන්ධයෙන් කැලෑ නීතියෙන් මට්ටු කිරීමට ගිය දහසය හැවිරිදි පාසල් සිසුවෙක් ඇතුලු තිදෙනෙක් ඊයේ (4) අම්බලන්ගොඩ මාදම්පේ වැල්ලබඩදී සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

නීතිය ක්‍රියාත්මක කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මහජන අප්‍රසාදයක් ඇති වන පරිදි හා වෛරයක් ඇති වන පරිදි අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇති, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අද දහවල් ඇපමත මුදාහැර තිබෙනවා.

Read More

’’මේ රටේ ආර්ථික ස්ථාවර්තවය හා ජනතාවට ජීවත් වෙන්න පුලුවන් පහසු පරිසරයක් හදද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් දේශීය හවුල්කරුවන් සමඟ ඒකරාශී වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා රජය ඇති කරපු වැඩසටහන අද ප්‍රථිපල රටට අරගෙන ඇවිත් තියෙනවා’’

Read More

බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (5) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

Read More

පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත 07/05 දින අලුයම රැගෙන විත් තිබේ .

Read More

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල ශක්ති අර්බුදය විසඳාගැනීමට මහත් පිටුවහලක් වන බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය.

Read More

2024 අතරමැදි වගා කන්නය මෙම යල කන්නය අවසන් වූ වහාම ඇරඹීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව අක්කර 63,750ක මුං ඇට වගා කිරීමට නියමිත වේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතගේ හා පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජීවිත රක්ෂණ ඔප්පු කිහිපයක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

ජනමත විචාරණයකින් තොරව එලඹෙන ජනපතිවරණය කල් දැමීමට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (04) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති එම පක්ෂයේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Read More

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යවසායකයෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 08 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අද (04) තීරණය කළේය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (04) නිකුත් කළේය.

Read More

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය මඟින් 2024 ජුනි මස 30 වන දින සාර්ථකව සිදුකෙරුණු අතර, ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) ව

Read More

මේ වනවිට සාමාන්‍ය දරු උපත් අඩුව ඇති බවත්, සිසේරියන් සැත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් එය සියයට 50 ක අගයක් ගන්නා වන බවද පැවැසිය. එය හොද තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි .

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ කිරීමට කටයුතු කර ඇති අතර අඩු කළ නව මිල ගණන් අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.

Read More

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

බාල වයස් පිරිමි ළමුන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර පලාගොස් සිටි සැකකරු සිවුරු දරා හිමිනමක ලෙස සැඟව සිටියදී අනුරාධපුර පූජා භූමියකදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

තවද ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරයයි.

Read More

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහනගර සභාව සංවිධානය කළ පුරවර උදානය පොසොන් සැණකෙළියෙන් රුපියල් කෝටි අටහමාරක දළ ආදායමක් ලැබී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය. මෙය මහනගර සභා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ ව්‍යාපෘතිය බව ඒ මහතා සදහන් කළේය. මෙම ආදායමෙන් ලැබූ දළ ලාභය රුපියල් කෝටි හතර හමාරක් පමණ බවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.