හිටපු සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි හින්දු කොවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු වතු කම්කරුවන්ට කොවිලේ දන්සැලෙන් ලබාදුන් ආහාර පාර්සල් අනුභව කල වතු කම්කරුවන් , කුඩා දරුවන් ඇතුළු 120 දෙනෙකු (07) දින රාත්‍රියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
Read Moreඔහු ඊයේ 07දා අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/08 දින අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමියගිය දැරිය මව හා පියා සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට මාස පහකට පමණ ඉහතදී මව විදේශගත වීමට පෙර දැරියව සමීප ඥාතිවරියකට නීතිඥවරයෙකු ඉදිරියේදී ගිවිසුමක් මාර්ගයෙන් විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන තෙක් දැරිය හදා වඩා ගැනීම වෙනුවෙන් මාසිකව රුපියල් 30,000/= ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත සමීප ඥාතිවරියක වන සැකකාරියට ලබා දී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Read Moreශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreබස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.
Read More2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට 2023 වර්ෂයේ මාර්තු මස 31වනදා වන විට අවුරුදු 01ක කාලසීමාව තුළ මූල්‍ය වර්ෂයේ පමණක් රජය ලබා දුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් අප්‍රේල් මස 03වැනිදා නිකුත් කර ඇති රාජ්‍ය කළමනාකරණ වියදම් ප්‍රකාශන වාර්තාවේ සඳහන් වේ.
Read Moreඅද (08දා) දිනයේදී අහසේ දර්ශනය වීමට නියමිත ’යක්ෂයාගේ වල්ගාතරුව’ දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වන බව තාරකා විද්‍යාඥයෝ පවසති. 12P/Pons-Brooks යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වල්ගාතරුව වසර 71කට පසුව මෙලෙස පෘථිවිය පසුකරමින් යයි.
Read Moreමෙම වසරේ ජනවාරි 01වැනිදා සිට අප්‍රේල් 02වැනිදා දක්වා වූ කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් 566දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අනුව මෙරට පුද්ගලයන් විසින් සිදු කර ගනු ලබන බරපතළම ඛේදවාචකය මෙය වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
Read Moreරේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ අතිසුඛෝපභෝගි ජීප් රථ 51ක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 300කට අධික පාඩුවක් වී ඇති බවට දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව එම අති සුඛෝපභෝගි ජීප් රථ 51ක වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගයක් නිකුත් කළේය.
Read Moreජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreකූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් යොදා ගෙන ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 04/05 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුන්දලම කලපුවේ මියගිය මසුන් විශාල ප්‍රමාණයක් දක්නට ඇතැයි මුන්දලම ධීවරයෝ පවසති.
Read Moreසිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන දිළිඳු පවුල් ලක්ෂ 27.5 ක් වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඋඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreයාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.
Read Moreරුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .
Read Moreකුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreමියගිය දෙදෙනා කවරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. වෙඩි ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලබා සිටියදී පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
Read Moreරාජ්‍ය සේවකට හා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට හිමි අප්‍රේල් මාසයට හිමි වැටුප අප්‍රේල් දහවෙනිදාට පෙර ලබාදෙන බවත් එම වැටුප
Read Moreආදුරුප්පු වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.
Read Moreසුවකිරිමට බැරි අසනීපයකින් සහ කතාකිරීමටද නොහැකි වයස අවුරුදු 9ක්වු තම රෝගී දරුවා ගෙලට සියතින්ම තොණ්ඩුවක් දමා සිරකර පුතුව ඝාතනය කර පොලිස් කොස්තාපල් වරයෙකු වූ පියාද ගෙළ වැළලාගෙන මියගොස් ඇතැයි රාගම රෝහලෙන් වාර්තාවේ.
Read Moreකැබිතියොල්ලෑව, මැදවැව, කෝලිබැන්ඳ වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයන් සිව් දෙනෙක් අතරින් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreමහනුවර පොලිස් වසමේ ගැටඹේ දියකපනා තොට පන්සලේ පින් කැට කැඩීමට පැමිණි සොරෙකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .
Read Moreකලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් සකස් කිරීමට ඔබ ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා ලබාදීමට හැකියාවක් තිබෙනවා. වයස්ගත වන විට වෘත්තීය කටයුතුවල නිරත වීම අපහසුයි. එබැවින් ඊට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපි පිළිගන්නවා.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.
Read Moreජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
Read More