saravita-anim2

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

Latest News - timelapse 1848 hours ago

LATEST

ඩලස් හා දයාසිරිගේ කණ්ඩායම් සජිත් සමග එක්වෙන්න සාකච්ඡා

calendar_today 2024 ජුනි 18 - 12:12 remove_red_eye - 1802  

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ කණ්ඩායම සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවත්, එම සාකච්ඡා සාර්ථක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවස

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ජූනි මස 16 දින ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දැන් ඡන්දය කිට්ටුයිනේ, ඒ නිසා දේශපාලඥයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න තමයි මහන්සි වෙලා දැන් රැස්වීම් තියනවා, සම්මේලන තියනවා, විවිධ ආකාරයෙන් රුපියල් ලක්ෂ ගණන්, කෝටී ගණන් වියදම් කරලා විවිධ ක්‍රියාදාමයන් මේ වන විට බහුලව සමාජය තුළ දකින්න තියෙනවා.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතී.

Read More

නොවුඩ් පොලිස් වශමට අයත් ඩන්කන් ප්‍රදේශයේදි අවුරුදු 04ක පිරිමි දරුවකු 17වන දින රාත්‍රියේදි අතුරුදහන්ව ඇති බවට එම දරුවාගේ දෙමාපියන් විසින් නොවුඩ් පොලිසිය වෙත පැමිනිලි කර ඇත.

Read More

වැටුප් ගැටලු ,දීමනා ගැටලු හා උසස් වීම් ගැටලු මුල් කර ගනිමින් අද(18දා) සිට ඉදිරි කාලයේදී වර්ජන රැල්ලක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි.

Read More

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද(18දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

69 ලක්ෂක බලපොරොත්තු බලගන්වන තේමාව යටතේ පැවැත්වෙන සර්වජන බලය ජන රැලිය අද (18දා) නුගේගොඩ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.‍

Read More

Geo-Goviya යෙදවුම ඔස්සේ ගොවීන් සතු සත්‍ය කුඹුරු ඉඩම් ප්‍රමාණය තහවුරු වීම හේතුවෙන් පසුගිය වසරේ සහනාධාර ලබා දීමේදී රුපියල් මිලියන 573ක් ඉතිරි කර ගැනීමට රජයට හැකිව තිබේ.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැය මගින් රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් මිලියන 200ක් වෙන්කර ඇති බවත් මේ තුළින් ඉතිහාසයේ අනුරාධපුර රාජධානියේ කේන්ද්‍රීය සංවර්ධිත නගරය මෙන් ආර්ථික මර්මස්ථාන කේන්ද්‍රීය නගරයක් ලෙස අනුරාධපුරය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන සියලු දේ සිදු කරන රූකඩ ආණ්ඩුවක් වර්තමානයේ පැවතීම නිසා බදු සුනාමියක් රටේ ජනතාවගේ කරමත පැටවී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බවත් , ඒ සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි

Read More

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ ධනුස්කොඩි වරායේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ලංකාවේ තලෙයි මන්නාරමට පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ගිය ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පහමි හසන් සලාමා සිසුවාට ඒ සදහා ඉන්දියානු රජයේ නිසි අවසරය අන්තිම මොහොතේ නොලැබිම නිසා තලෙයි මන්නාරමට ගිය පිරිසට ආපසු හැරි ඒමට සිදුවිය.

Read More

පානදුර නගරයේ සුපිරි රෙදිපිළි වෙළඳ සැලක් කඩා රුපියල් ලක්ෂ 26 ක් පමණ වටිනාකමකින් යුතු නිමි ඇදුම් සොරකම් කල අඹුසැම් යුවලක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ඓතිහාසික දිඹුලාගල කඳුමුදුනින් හමුවූ ශ්‍රි ලංකාවේ විශාලතම සහ දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ විශේෂ කණ්ඩායමක් දින තුනක කාලයක් කඳු මුදුනේ දිවා රාත්‍රී ගත කරමින් කියවා අවසන් බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

Read More

දේශපාලන විසඳුම් සෙවීමට උත්සාහ කරන මෙරට ජනතාව ආර්ථික විසඳුම් සෙවීම පිළිබඳ අවධානය යොමු කර නැහැ – ජනපති මන්නාරමේදී තරුණ සහ ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පවසයි.

Read More

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩිපුරම රෝහල් වලට සහ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට පැමිනෙන්නේ මෙරට ජනතාව බවත්, මිලියන 55 ක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමටත්, තවත් මිලියන 55 පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බවත්, ‍එලෙස විශාල ලෙස ජනතාව රෝහල් වලට පැමිනීමෙන් පෙනී යන්නේ මෙරට ක්‍රියාත්මක රෝග නිවාරණ අංශයේ සහ රෝහල් වල ලබා දෙන ප්‍රතිකාර වල යම් ගැටලු සහගත තත්ත්වයක් බවත්, එම නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සහ රෝගීන්ට රෝග

Read More

නෙදර්ල්න්තය සමග පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් හා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජයද සිල්වා තම වගකිම් ඉටු කළ බවත් චරිත් අසලංකද තම දක්ෂතාව ඔප්පු කළ බවත් ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංග පවසයි.

Read More

කළුතර හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු පැහැරගෙන ගොස්

Read More

ඉදිරියේ පත් වන ආණ්ඩුවේ අගමැතිවරයා පත් කිරීම අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් සිදු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

Read More

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ( 2024 Asian Throwing Championships ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

හැත්තෑ හැවිරිදි සිය පියාට පහරදුන් විසි නව හැවිරිදි දියණියක් සම්බන්ධයෙන් නාඋල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල විට නාඋල වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍යාමලි විජේරත්න මහත්මිය සැකකාරිය ලබන බදාදා19දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට පසුගිය 16දා නියෝග කලාය.

Read More

විස්සයි 20 පිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් ලකුණු නොලබා (එනම් ලකුනු බිංදුවට) වැඩිම වාර ගණනක් දැවි ගිය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක අද වාර්තා අතරට එක්විය. ඒ නෙදර්ලන්තය සමග පැවැති තරගයේදීද දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි යාමත් සමගිනි.

Read More

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 31 වැනිදා සිට දක්වා රජය විසින් රුපියල් බිලියන 3,380ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ලබා ගෙන ඇති බව ජුනි මස 13 වැනිදා නිකුත් කරන ලද මහ බැංකු විශ්ලේෂණ වාර්තාවක් මගින් අනාවරණය වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පෙරේදා (15දා) පැවසීය.

Read More

බිත්තරයක සිල්ලර මිල යළිත් ඉහළ යමින් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක්ද පවතී. තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ක් දක්වාත් බෝංචි කිලෝවක මිල රු.1000 දක්වාත් ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වාත් අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 500 ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.