saravita-anim2

2025 අගෝස්තු මස 11 වන සඳුදා

2025 අගෝස්තු මස 11 වන සඳුදා

Latest News - timelapse 1767 hours ago

LATEST

සම්බන්ධනගේ අභාවය නිසා පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක්

calendar_today 2024 ජුලි 02 - 08:40 remove_red_eye - 280  

මේ අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද (02) ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයක් පමණක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව ද මහලේකම්වරිය පැවසුවාය. මේ අනුව අද (02) දින පැවැත්වීමට නියමිතව තිබූ මීට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදය නොපැවැ

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත. පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරිවුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හට ගන්නා බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා පවසයි.

Read More

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් නමැති ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආමාත්‍ය මණ්ඩලයට වැරදි තොරතුරු සපයා අමාත්‍ය මණ්ඩලය නොමඟ යවා ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (01) දැනුම් දුන්නේය.

Read More

එහිදී අංක, මල්, පලතුරු, කුරුල්ලන්, සතුන්, ධාන්‍ය, එළවළු, මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව, උරග, කෘමීන්, මල්, මාළු, සිංහල, ඉංග්‍රීසි, අරාබි භාෂා අක්ෂර, දේශපාලන නායකයන්, විවිධ වෘත්තීන්, ලෝක ප්‍රසිද්ධ කුළුණු, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, ජාතික ක්‍රීඩකයින්, ආහාර ද්‍රව්‍ය සහ ගෘහාශ්‍රිත ද්‍රව්‍ය ඇතුළු පින්තූර 1098ක නම් හදුනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

Read More

දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 මට්ටමේ සිට 1 මට්ටම දක්වා නැවත සකස් කිරීමට දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වූ අංක 1019 දුම්රියේ රියදුරුවරයාගේ නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර දෙපාර්තමේන්තු මට්ටමින් පරික්ෂණයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබු ද්‍රාවණයක් පානය කිරීම නිසා මෙම අවාසනාවන්ත මරණයන් සිදුවූ අතර ඩෙවෝන් - 5 යාත්‍රාවේ තිබු යාත්‍රා නිරීක්ෂණ ආපදා බොත්තම ක්‍රියාත්මක කර ආපදාව පිළිබඳව දැනුම්දීමට කටයුතු කර නොමැති වීමද කනගාටුදායක කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේය.

Read More

හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටිය ඉසිපතන විද්‍යාලයේ කළමනාකාරීත්වයට නිල වශයෙන් පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

තියුණු ආයුධයක් රැගෙන ඉවක් බවක් නොමැතිව මහමග ගමන් ගන්නා වාහනවලට පහර දෙමින් ආවේගශීලීව ඇසුරුණු පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි

Read More

ඉන්ධන මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුවීමක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා.

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව 2024-.07-01 දින මධ්‍යම රාත්‍රිෙය් සිට මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම බස්රථ සේවාවල බස් ගාස්තු සීයට පහයි දශම බිංදුවයි හතකින් (5.07/100) අඩු කරන ලදී.

Read More

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් (30) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

’’Devon 5’’ බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය සිටි ධීවරයා විජයබාහු නෞකාව මඟින් අද (01) හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරනු ලැබිණි.

Read More

සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලී අද (01) දින

Read More

2024 වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්, පසුගිය ජුනි මස පමණක් හතරවතාවක් දුම්රිය පීලි පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.

Read More

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ පැවති. සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පුද්ගලයින් පිරිසකට සහ අට්ටාලයකට මෙන්ම පොලිස් නිලධාරීයෙකු ට පහරදී රාජකාරියට ද බාධා කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය අප්‍රේල් 2019 - වින්දිත අරමුදලට තවත් රුපියල් මි.20ක් බැර කරයි

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

Read More

මෙරට පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් විශේෂයක් හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා කටයුතු කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඔහු අනූ එක් වැයි වියේ පසු විය.

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව නව බස් ගාස්තුව අද (01දා) දිනය තුළදීප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දමන බවත් ලංකා සුදු ඩිසල් හා භූමිතෙල් මිල එසේම පවතින බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Read More

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කොළඹ දුම්රිය මාර්ගයේ සිට පේරාදෙණිය හරහා මහනුවරට ඇතුල්වූ දුම්රියක රියදුරුවරයා අධික බීමතින් සිටින බවට එම දුම්රියේ සිටි මගීන් විරෝධය දැක්වීම හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයට ආසන්න සුදුහුම්පොළ දුම්රිය ස්ථානයේදී චෝදනාවට ලක් වූ දුම්රිය රියදුරුවරයා දුම්රිය නවතා පලායාම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක්උද්ගත වී ඇති බව පොලීසිය කියයි .

Read More

වැඩබලන නීතීපතිවරයා වශයන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වෙන “එක්ව ජය ගමු” ජන රැලි මාලාවේ මංගල රැලිය අද (30දා) මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.

Read More

ඉන්දීය ගුවන් මගීන් 18 දෙනෙකු සිය සිරුරු වල ගුද මාර්ගයේ සගවා ගෙන ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි ගනනක් වටිනා රත්තරන් තොගයක් පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් දැන ගෙන ඇති බවට තොරතුරු එම මගීන්ට සැළවීමත් සමග ඔවුන් ව්‍යාජ කළබළයක් ඇති කර , කටුනායකට එන ගුවන් යානය පැය දෙකක කාළයක් ප්‍රමාද වීමට සළස්වා ගෙන , ඒ අතරතුර එම රත්තරන් තොගය වෙනත් පුද්ගලයන්ට ලබා දී , පසුව ඔවුන් කිසිවක් නොමැතිව කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/29 දින ප

Read More

මීගමුව ආරක්ෂාකාරීව රහසිගතව රැදිසිටිමින් තම කටයුතු සිදුකල හැකි ප්‍රදේශයක් ලෙස අන්තර්ජාල අපරාධකරුවන් විසින් හදුනාගෙන තිබි ඇති බව පසුගිය දිනකිහිපයේ මීගමුවේ සිදුකල අත්අඩංගුවට ගැනීම ප්‍රමාණය අනුව පෙනීයන කරුණකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.