saravita-anim2

2026 ජුනි මස 10 වන බදාදා

2026 ජුනි මස 10 වන බදාදා

Latest News - timelapse 11768 hours ago

LATEST

ජනපති හෙළිදරව්වකට සැරසෙයි

calendar_today 2019 ජන 21 - 20:34 remove_red_eye - 1194  

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.

Read More

වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ සටන අනිද්දා (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනා දීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

ඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනකදීය.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Read More

මුලතිව් පුලයන්කුලම්ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදි අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.

Read More

“මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්රිහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමිනි.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂහ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (21) නියම කළේය.

Read More

අද (21දා) පෙරවරු 11.30ට පමණ වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක්ට තවත් යතුරු පැදියකින් පැමණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලක්ෂ් 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂි මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය.

Read More

යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදි පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 නමින් නව නව දුරකතන අංකයක් හඳුන්වා දුන්නේය.

Read More

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ්දි ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තුළ සිදුවූ වෙඩි තැබිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට වාර්තා කර තිබේ.

Read More

මේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.

Read More

සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ. ඒ ඔස්ට්‍රේලියා XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේදි ඔහු කළවයේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.

Read More

2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන සැලසුම් අවලංගු කරන ලෙසට ඉල්ලා අද (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More

ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.

Read More

ඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.

Read More

සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.