ජනාධිපතිවරණයට අදාළව යම්කිසි තොරතුරක් දැනුම් දීමට ඇත්නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයන් කිහිපදෙනෙකු ඡන්දය භාවිතා කිරීම සහ ඡන්දය භාවිතා කිරීමෙන් පසු ලබා ගත් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
Read More2024 ජනාධිපතිවරණය සඳහා වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read More2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
Read Moreරත්ගම ආසනයේ මාදම්පා මධ්‍ය විදුහලේ පවත්වාගෙන ගිය ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට ඡන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.
Read Moreවරාකාපොල, බෞද්ධ විද්‍යාලයේ පැවැත්වෙන ඡන්දය ප්‍රකාශ කිරිමේ මධ්‍යස්ථානයේදි සිය ඡන්ද පත්‍රිකාව දෙකට ඉරා දැමූ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද් ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් 09/20 දින රාත්‍රී ඔහු ආපසු හරවා යවා තිබේ.
Read Moreවිදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreලංකාවේ 9 වැනි විධායක ජනපති ලෙස අනුර කුමාර දිසානායක මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය..
Read Moreජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවත්වෙන හෙට (21) දින ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සහ සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූගත කිරීම හා වීඩියෝගත කිරීම හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඒවා මුදා හැරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකැයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.
Read Moreහෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
Read Moreමිදිගම ගොවියාපාන පාලම අසලදී ඊයේ( 19) මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 11500 ක් හා ත්‍රිරෝද රථයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
Read Moreඅද පෙරවරුවේදී දෙහිවල පොලිස් වසමේ නැදිමාල ක්‍රීඩා පිටිය ආසන්නයේදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබිමකින් පුද්ගලලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
Read Moreජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා ( බිරිඳගේ මව ) , දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් 09/20 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ’’සේද මාවත ’’ (Silk Route ) පර්යන්තය ඔස්සේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.
Read Moreසිම්පත් නිකුත් කිරීමේදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ සියලු දුරකථන සමාගම්වලින් ලබාගත හැකි උපරිම සිම්පත් ප්‍රමාණය 05කට සීමා කරන ලෙස පාර්ලිමේන්තුවට නිර්දේශයක් ඉදිරිපත් වී තිබේ.
Read Moreමැතිවරණය පැවැත්වෙන 21 වැනිදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ මහතා පවසන්නේ, 22 වැනි ඉරිදා දුරගමන් සේවා දුම්රියද ක්‍රියාත්මක වන බවයි. එමන්ම කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(21දා) උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලයෙහි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවසර ගණනකට පසු මෙට්‍රීක් ටොන් ලක්ෂ7.2ක වාර්තාගත සහල් අතිරික්තයක් මෙම වසරෙහිදී වාර්තා වන බැවින් සහල් ආනයනය කිසිසේත් අවශ්‍ය නොවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 4945ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreමෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇස්සතමේන්තු ගත බදු ආදායම රුපියල් බිලියන 3,789ක් රජය විසින් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව රත්නායක මහතා පැවසුවේය.
Read Moreඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා තිබූ නිවේදිත ශාඛා ඡන්ද කාර්යාල අද (19දා) මධ්‍යම රාත්‍රී වන විට ඉවත් කර තිබිය යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Read Moreඅද (19දා) සහ ඊයේ (18දා) රාත්‍රී කාලයේදී සිදුවූ වෙඩි තැබීම් සිද්ධීන් හතර සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සම්බන්ධතා මත හා පෞද්ගලිකව ඔවුන් අතර ඇති වූ ගැටුම් මත සිදුවූ බව නිරීක්ෂණය වන්නේ යැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. මෙම සිද්ධීන් දේශපාලන පසුබිමක් හෝ දේශපාලන ක්‍රියාකාරකම් මත සිදු නොවූ බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
Read Moreපුත්තලම තිල්අඩිය ප්‍රදේශයෙ වෙළද සැලක තිබියදි 19 දින උදෑසන හමුවු නිළ ජන්ද පත්‍රිකා 147 සංඛාව පිලිබදව ඉහල තැපැල් නිළධාරීන්ගේ උපදෙස් මත පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම තැපැල් ස්ථානාධිපති එච්.එෆ්..අමිර් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව විදේශ වාණිජ ණය හිමියන් සමඟ ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවන්ට එළැඹේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක්. 2023 වසර අවසන් වන විට පැවති මෙරට ඇමරිකානු ඩොලර් බිලියන 17.5 ක පමණ විදේශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අද (19) ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිණි.
Read Moreජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
Read Moreබාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට අයත් කොළඹ ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (19) නියම කළේය.
Read Moreජනාධිපතිවරණය පැවැත්වෙන දින (21දා) සහ ඊට පසු දින (22දා) දිවයින පුරා මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් ඊයේ (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
Read More