saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 1472 hours ago

LATEST

උදේ පීලි පැනූ දුම්රිය හවසත් පීලි පැනලා

calendar_today 2024 ඔක් 28 - 21:25 remove_red_eye - 378  

අද (28දා) උදෑසන කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ පිලී පැනීමකට ලක්වූ දුම්රිය සවස මරදාන දුම්රිය ස්ථානයෙදිත් පිලි පැනීමකට ලක්වීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා සිදු විය.

පවතින සහල් හිඟයට හා මිල ඉහළ යාමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා චෝදනා කර සිටියි.

Read More

ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමෙන් අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කරගත හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසීය.

Read More

ආණ්ඩුවක් කරන ආකාරය පිළිබඳ පලපුරුද්දක් ඇති ප්‍රබල කණ්ඩායම ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කරන බවත් යම්,කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ අද (28ද

Read More

විදෙස් ත්‍රස්ත සංවිධානවල අවශ්‍යතාවය මත මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් සකස් කළ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම් දුන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු ඔවුන් වහාම අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයිද අද (28) දැනුම් දුන්නේය.

Read More

ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානය ද 10/28 දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි.

Read More

හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද(28දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන බවට සඳහන් කළද ඊට අවශ්‍ය අනුමැතිය ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් මර්වින් ජානා නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවට කිසිදු තහනමක් පනවා නොමැති බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් පැවසීය.

Read More

රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

රජය දිගින් දිගටම භාණ්ඩාගාර බිල්පත් මගින් ණය ගනිමින් සිටින අතර, පිළිගත් සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණයක් භාවිත කරමින් ‘සල්ලි අච්චු ගැසීම‘ ආරම්භ කර ඇති බව මාතලේ දිස්ත්‍රික්ක සමගි ජනබලවේගයේ නායිකා රෝහිණී කවිරත්න පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කරයි.

Read More

දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා සැඟවීම සිදු කරනවා විය හැකි බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුව ඇතුලෙත් එයාලගෙ පලපුරුද්ද පෙන්නල තියෙනව.පාර්ලිමේන්තුවට හොරෙන් පිහි ගේන්න පුලුවන්, මිරිස් කුඩු ගේන්න පුලුවන්, පුටු වලින් ගහගන්න පුලුවන් , සභා ගර්බය මැද පෙරලගෙන එකිනෙකා ඇනකොටා ගන්න පුලුවන් , ගේන ඕනම පනතකට සිග්නල් කණු වගේ අත් උස්සන්න පුලුවන්.අර හිටපු සෞඛ්‍ය ඇමතිට බාල බෙහෙත් ගෙනාව කියල විශ්වාසභංගයක් ගෙනාව. ඔය කට්ටිය එයාට පක්ෂව අත ඉස්සුව. අන්න එහෙමයි පලපුරුද්ද

Read More

මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅට කෝටි හැටලක්ෂ පනස් අටදහස් නවසිය විසිදෙකක් වටිනා (186,058,922) සහල් සහිත බහාලුම් 53ක් දැනට වසර 6ක පමණ කාලයක සිට රේගුවේ රඳවා ගෙන ඇති බැව්, ජාතික විගණන කාර්යාලය මගින් ඔක්තෝබර් මස 25වන දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. පාරිභෝගික අධිකාරිය මගින් පළකරන ලද ගැසට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ත්ව ආහාර වශයෙන් යොදා ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

මෙතෙක් නිල නිවාස භාර දී නොමැති අමාත්‍යවරුන් 14දෙනෙකු සිටින බව වාර්තා වේ. ඒ අතර යහපාලන රජය සමයේ සිටි හිටපු විපක්ෂ නායකවරයෙක් වූ ආර්. සම්බන්ධන් මහතාගේ හා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ නමද ඊට ඇතුළත් වේ. එමෙන්ම රිය අනතුරකින් මිය ගිය හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භාවිත කළ නිල නිවසද මෙතෙක් භාරදී නොමැති බව වාර්තා විය.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

වසර පහකට පමණ පෙර අත්තනෝමතික ලෙස විසුරුවා හැරී එෆ් සි අයි ඩි හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නැවත බලාත්මක කර දූෂණ ලිපිගොනු කඩිනමින් විමර්ශනය කිරීමේ සූදානමක් පවතින බව නීතිය හා සාමය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයේදී ඡන්දය දැමීම සදහා ජනතා උනන්දුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට බොහෝ සෙයින් සමානවීමට ඉඩ තිබෙන බව මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (28) උදේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

දුම්රිය සේවකයන් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මීට අදාළ පියවර ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ‍ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

දකුණු පළාතේ කාබනික පොහොර (කාබනික තේ) යොදා වගා කළ අමු තේ දලු කිලෝ එකක් සඳහා රුපියල් 499.80ක ඉහළ මිලක් මාතර දිස්ත්‍රික්කයේ ලුම්බිණිය තේ කම්හල පසුගිය මස ගෙවීමට සමත් වී ඇත.

Read More

තිස්සමහාරාම පොලිසියේ තනිකඩ භට නිවාසයේදී ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුට නවක වදය ලබාදී, ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව. පොලිස් මුලස්ථනය පවසයි

Read More

පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික නිලධාරීන් විසින් පරීක්ෂා කරති.

Read More

කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද (27) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

Read More

පාකිස්තාන විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් නව නායකයා ලෙස මොහොමඩ් රිස්වාන් පත් කර තිබේ.

Read More

අනුර කුමාර දිසානායක මහතා බහුතරයක් නැති වර්තමාන ජනාධිපතිවරයා බවත්, තමා බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මෙරට ඌරන් අතර පැතිර ගිය රෝගය අප්‍රිකානු සූකර උණ රෝගය බවට හඳුනාගෙන තිබේ.

Read More

2024 නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (27දා) පැවැත්වීමට නියමිතව ඇත.

Read More

නවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග්‍ රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහිදී ශූරතා පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ සාරා වෙරළවිතාන 10/25 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.