saravita-anim2

2026 ජනවාරි මස 18 වන ඉරිදා

2026 ජනවාරි මස 18 වන ඉරිදා

Latest News - timelapse 1344 hours ago

LATEST

පාකිස්තානයට එරෙහිව නවසීලන්තයට පහසු ජයක්

calendar_today 2025 මාර් 16 - 15:20 remove_red_eye - 202  

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.

විභාග මධ්‍යස්ථානයට ගෙන යා නොහැකි තහනම් ද්‍රව්‍ය රැගෙන ගියහොත් වසර 05කට විභාග තහනමක් පැනවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු විසින් ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් 03/16 දින අත් අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබේ .

Read More

බලන්ද කොමිෂන් සභා වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා හර අනෙකුත් සියල්ල තමා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

උතුරු, නැහෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වගාවට හානි කරන රිලවුන්,වඳුරන්, මොණරුන් හා දඬු ලේනුන් පිළිබඳව සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට, එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සඳහන් කළේය.

Read More

මිනිත්තු 05 යි ,රිලව් 117 යි, සංගණන පිරිස 25 යි ,එක වත්තයි ,

Read More

ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඊයේ (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ෙආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාර දී ඇති බවත් එබැවින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවූ බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

Read More

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වේ.

Read More

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

අද අළුයම් කාලයේ ග්‍රෑන්ඩ්පාස් ජබෝස්ලේන් ප්‍ර දේශයේ දුම්රිය මාර්ගය අසළදි තියුණු ආයුධවලින් පහර දි තරුණයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලිසයි කියයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත.

Read More

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්‍රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

Read More

බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීමෙන් පවතින අවදානම් තත්ත්වය සලකා අද 14 දින සිට රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමටත් දිවා කාලයේ පාලිත තත්ත්වයක් යටතේ වාහන ධාවනය කරවීමට අවශ්‍යය පියවර ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊඑම්එල් උදය කුමාර මහතා පැවසීය.

Read More

හිනිදුම පොලිස් වසමේ ගිංගඟේ13 වන දින සවස් කාලයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට හිනිදුම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැර ගනු ලැබූ, එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා සැකකරු පදිංචිව සිටි ගල්නෑව, නව නගරය , ඩී. තුන ඇල පාර, නිවසේ සිදුකල සෝදිසියකදී මෙම බෝම්බය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

Read More

වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් අරලියගස් හන්දිය අසලදී ඊයේ (13) රාත්‍රී 8.30 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13දා) පෙරවරුවේ පැවත්විණි.

Read More

රජයේ අනුමත මත්පැන් බෝතල්වලට ඇල්වතුර යොදා සැර බාලකළ ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක් ඊයේ (12දා) දින රාත්‍රියේ මුද්‍රා තබා එම වෙළෙඳ සැලට ලබාදී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය තාවකාලිකව තහනම් කළ බව මධ්‍යම පළාත් විශේෂ සුරාබදු වැටලීම් අංශයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පැවසීය.

Read More

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.

Read More

නාමයෝජනා භාරගෙ අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරනය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

Read More

මහරගම අපේක්ෂා රෝහ​ලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදු කරන යන්ත්‍ර 5න් 3ක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ​වේදීන්ගේ සංගයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

Read More

පාකිස්තානයේ සටන්කාමී පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රියේ සිටි මගීන් එරට හමුව විසින් බේරාගෙන තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.