saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8883 hours ago

LATEST

ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරනවා

calendar_today 2020 සැප් 23 - 21:45 remove_red_eye - 180  

පළාත් සභා, ක්‍රීඩා සමාජ, සහ ප්‍රදේශයේ දේශපාලඥයන් සමඟ සම්බන්ධ වෙමින් ඒ ඒ ප්‍රදේශවල ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අපනයන සංවර්ධන සභාව වසර 28කට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වෙයි.

Read More

නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලී ලත් ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 51 වන ගුණ සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ‍ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ පැවැත්විණ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 තුළදී සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් සිදු කරන බවත් ඒ පිළිබඳව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංශ අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුව වෙත මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 ක් බවත් ඉන් අභියාචනා 2365ක් කමිටුව වෙත සෘජුවම ලැබී ඇති බවත් කමිටු ආරංචි මාර්ග පවසයි

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3324 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්නා රමේෂ් ගේ ගෝලයන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් ජිවඋණ්ඩ 100ක් මාංචු දෙකක් සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදීව තේරි පත්වූ ආණ්ඩුවලට සහය වීම එක්සත් ජාතීන්ගේ වගකීම බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හදිසි නිරීක්ෂණයට ලක් වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සය දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3321 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ග්‍රාම නිලධාරින් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිය ප.ව 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යහ්න 12.30 දක්වාත් මහජන සේවය සදහා සිය කාර්යාලවල රැදි සිටිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

2015-2019 කාලය තුළ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සොයා බැලීම සඳහා නීතීඥවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර, ඔවුන් විසින් සකස් කළ අතුරු කමිටු වාර්තාව 2020.09.23 වන දින විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න වෙත එම අමාත්‍යාංශයේදී භාර දෙන ලදී.

Read More

හදිසි ගින්නකින් අද ( 23) දා බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ආපන ශාලාවක් මුළුමනින්ම විනාශ වී ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ළමයින් යොදා ගනිමින් සිදු කරනු ලබන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් වූ විධිවිධාන තවදුරටත් පුළුල් කිරීම සඳහා අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් පිළියෙළ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3315 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සහරාන් ඇතුළු මුස්ලිම් ත‍්‍රස්තවාදීන් විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු තිබීයදීත් එම ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු පිරිසට එරෙහි විමර්ශන කටයුතු අවසන් බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.යු. ජයසුරිය මහත්මියට අද (23) දැනුම් දුන්නේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ බව කියන රුපියල් කෝටි 31 මුදලක් බැර කරන ලද බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මීගමුව නගර සභාවේ කම්කරු සේවකයෙක්, මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙක්, ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් (23) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී ඇත.

Read More

බේරුවල නගරය ආසන්නයේදී මුහුදට වැටීමෙන් වයස අවුරුදු 64 ක තිදරු පියෙක් අද 23 මිය ගිය බව බේරුවල පොලිසිය කියයි .

Read More

රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතා තෝරා පත්කරගෙන තිබේ.

Read More

ඒ අනුව ග්‍රාම නිලධාරින් සිය විවේක දින හැර දින 6ක් පැය 24 පුරා තම කොට්ඨාසය තුළ රාජකාරී ඉටුකිරීමට බැඳී ඇත. එසේම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.30 සිට 4.15 දක්වාත් සෙනසුරාදා දින මධ්‍යාහන 12.30 දක්වාත් මහජන සේවය සඳහා සිය කාර්යාලවල රැඳී සිටිය යුතුය.

Read More

මම තනියම ගිහින් ඔය ඉස්සරහ පේළියේ ඔක්කොම ගන්න ලෑස්තියි. අපි දෙවැනි පේළිය ගන්න දානවා අපේ චමින්ද වගේ එක්කෙනෙක්. චමින්දගේ පාරවල් වල රහ විදපු අය ඔය පැත්තේ ඉන්නවා. තුන්වැනි පේළියේ අර දයාසිරි ඇමතිතුමා වගේ කරාතේ දන්න අය ඉන්න නිසා අපි දානවා අපගේ ඩයනා මන්ත්‍රීතුමිය. එතුමියට කරාතේ කලු පටි තිබෙනවා.

Read More

රටක් තිරසාර සංවර්ධන අරමුණූ කරා මෙහෙයවීමේදී, එහි ’’පෙරගමන්කරු’’ විදුලිබල හා බලශක්ති අංශය බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක, හන්නා සිගර් මහත්මිය විසින් සඳහන් කරයි.

Read More

මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයෙන් හමු වූ අනුරාධපුර මුල් යුගයට අයත්යැයි සැකකෙරෙන කාසි ක්‍රි.ව. 07 සහ 08 කාලයේ පාණ්ඩියන් රජසමයේදී බවට අනුමානයක් ඇතයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම් කලාප භාර නිලධාරී එම්.චමින්ද සිල්වා පෙන්වා දෙයි.

Read More

රට හදන සෞභාග්‍යයේ දැක්ම රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ගෙවතු දස ලක්ෂයේ වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රතිලාභි පවුල් 58,850ක් තොරා ගැනිමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා මහතා පවසයි.

Read More

දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සමාලෝචනය කිරීම සඳහා දැනට පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

කිලිනොච්චිය, පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේදී හමුවු මිනිස් අස්ථි හා ආයුධ කොටස් හමුවූ ස්ථානයේ ඊයේ සහ අද (23) දිනයන්හි සිදු කරන ලද තවත් කැනීමකදී එල්.ටී.ටී.ඊ.සංවිධානයේ නිලඇඳුම්, ආයුධ හා මිනිස් අස්ථි කොටස් බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍ර දේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑම වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

‘කිසිඳු ලියවිල්ලක් ලේඛණයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි වී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම ‘ යනුවෙන් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.