saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7993 hours ago

LATEST

අප්‍රේල් 1වනදා සිට විශේෂ රථවාහන සැලැස්මක්

calendar_today 2021 මාර් 29 - 12:18 remove_red_eye - 345  

එළඹෙන උත්සව සමයේදී මාර්ග අනතුරු අවම කිරීමේ අරමු‍ණෙන් අප්‍රේල් 01 වනදා සිට විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීසිය පවසයි.

රජය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට කටයුතු කර ඇති පුරවර විශ්ව විද්‍යාල (City University )ව්‍යාපෘතියේ ප්‍රථම විශ්ව විද්‍යාලය කෑගල්ල රඹුක්කන පින්නවලදී ආරම්භ කෙරේ.

Read More

මේ දිනවල සවස් කාලයේ මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පොලිස් බල ප්‍රදේශයේ පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි.

Read More

මෙරට ගොවි සංවිධාන සහ මාධ්‍ය ආයතන මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ පළමු සහල් ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම විෂයභාර අමාත්‍ය වරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා 28 දින පැවසීය.

Read More

අවුරුදු උත්සව පැවැත්විම සම්බන්ධයෙන් එළෙඹන සතියේ අවසන් තීරණයක් ගන්නා බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

කොවිඩ් හේතුවෙන් තාවකාලිකව වසා දැමුන මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හිංදු කොවිල නැවත විවෘත කිරිමට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

Read More

මේ සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවීමේ භාග්‍යයන් උදාවන අතරම, තම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර සමගම තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන ශුභඵලදායී ලග්න වනුයේ මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර වැනි ලග්නයන්ය.

Read More

බස්නාහිර පළාතේ ඊයේ (28) පෙ.ව 7 දිට පස්වරු 5 දක්වා කාලය තුළ බස්නාහිර පලතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 418 ඇතුළු සැකකරුවන් 1120ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

දීර්ඝ කාලීනව පැවැති අමනාපකම් හේතුවෙන් 38 හැවැරිදි බිරිඳ විසින් තම 40 හැවැරිදි තම ස්වාමිපුරුෂයාගේ ගෙල බෙඩ් ෂීටයකින් සිරකර ඝාතනය කර තිබේ.

Read More

’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.

Read More

මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්‍රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.

Read More

මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.

Read More

පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ. සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

Read More

නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.

Read More

එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වි තිබේ.

Read More

කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ දිය නැමට ගිය තරැණයන් දෙදෙනකු අද (28) දා පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් වැඩිවන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (29දා) දින සිට සතියක කාලයක් යාපනය කලාපයේ සියලුම පාසල් වෙත නිවාඩු දීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්.ඉලංකෝවන් මහතා පවසා සිටියේය.

Read More

පුද්ගලයකුගේ ශරීරය තුළ කොවිඩ් වෛරසය ඉතා සුළු ප්‍රමාණයක් පැවතියද විනාඩි 30ක් වැනි කෙටි කාලයක් තුළදී වෛරසය ඇති නැති බවට ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයේ ඉතා කාර්යක්ෂම කොවිඩ් පර්යේෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කොට තිබේ .

Read More

කෝටි ගණනක ණය මුදලකින් බේරීමේ අරමුණින් තමන් ගිනි තබාගෙන සියදිවි නසා ගත් බව හැඟවීමට වෙනත් පුද්ගලයෙකු ඝාතනය කර පුළුස්සා දමා සැඟවී සිටින අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව කුරුණෑගල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 168 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

යාපනය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පවතින සියලු පාසල් සතියක කාලයක් සඳහා වසා දැමීමට අද (28) දිනයේ තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ.කේදීශ්වරන් මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 235 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.

Read More

කිලිනොච්චිය පලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදී ඊයේ (27) දින සිදු වූ රියඅනතුරකින් පියා හා පුතුන් දෙදෙනා මිය ගොස් ඇති බව පලෙයි පොලීසිය පවසයි.

Read More

යාපනය පූතූර් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ පිරිසක් විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට තිබූ මළ සිරුරක් අද (28) උදෑසන සොයාගත් බවට අච්චුවේලී පොලීසිය පවසයි.

Read More

’’මම කරන්නේ හොද වැඩ නිසා වතුරේ ගසාගෙන ගිහිනුත් බේරුණා සැඩ පහරට ගසාගෙන යද්දී මට බයක් හිතුනේ නෑ. මාවත් මගේ පවුලේ අයවත් ලේසියෙන් මරන්න බැ. අපි කරලා තියෙන්නේම හොඳ වැඩ එදා ගොඨාභය රාජපක්ෂ මැතිතුමාටත් බෝම්බ ගැහුවා’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.