saravita-anim2

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

2025 නොවැම්බර් මස 17 වන සඳුදා

Latest News - timelapse 7168 hours ago

LATEST

ගම්පහ දිස්ත්‍රික්කයේ දිනක් තුළ ආසාදිතයින් 753ක්

calendar_today 2021 මැයි 19 - 10:06 remove_red_eye - 745  

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 753 දෙනෙකු වන වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් 152 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කළේය.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මාර්ග අනතුරු වළක්වා ගැනීමට පදිකයින් මෙන්ම වාහනවල ගමන් කරන අය සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

නිල මූලාශ්‍ර මත පදනම්ව මේ වනවිට ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති රට බවට චීනය පත්ව ඇති අතර, චීනය එන්නත් මාත්‍රා මිලියන 421.9ක් එරට ජනතාව වෙත ලබාදී තිබේ.

Read More

බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ම අද (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904 ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම 2021 මැයි මස 19 දින සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුළු ගුවන් මගීන් 35 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මේ පිළිබඳව සිදු කළ විමසීමකදී පැවසීය .

Read More

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද දිනයේදී තහවුරු කළ මරණ අතර රත්නපුර පදිංවි අවුරුදු 20ක තරුණයෙක්ද විය. ඔහු ඊයේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටන විටදීය. ඔහුට වෙනත් ආබාධ ඇති බවට වාර්තා කිරීමක් සිදු කර නොමැති අතර මරණයට හේතුව ‍ලෙස දැක්වෙන්නෙ උග්‍ර කොවිඩ් නිව්මෝනියාවයි.

Read More

ෂැවොලින් සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

Read More

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරිමට සහ තොරතුරු ලබාදිම සඳහා තොරතුරු ඒකකයක් ආරම්භ කිරිමට වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන ඇති බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

Read More

චීනයේ හෙනාන් පළාතේ බයිරොං වෙළඳපොලේ ඉහළ පෙළේ ඉඩකඩක් ශ්‍රී ලංකාවට වෙන්කර දෙන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හෙනාන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර ජින් පින් හේ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

සේරම් ආයතනය විසින් ඇස්ට්‍රාසෙන්කා කොවිඩ්-19 එන්නත නිපදවන අතර එය කොවිෂීල්ඩ් ලෙසද හැඳින්වෙයි. අඩු ආදායම්ලාභී රටවලට වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන වන COVAX සඳහා මාත්‍රාව මිලියන 200ක් නිෂ්පාදනය කර ලබාදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබුණි.

Read More

කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

Read More

අඩු අදායම්ලාභීන්ගේ අඩක් නිමකළ නිවාස ඉදිකරගැනීම සඳහා නිවාස ආධාර ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18දා) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 02 පැවති නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී දැනුම් දුන්නේය.

Read More

නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීති උපදෙස් නොගෙන පාන්දර එකහමාරට පමණ මාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව මාව අත්අඩංගුවට ගනු ලැබුවා. අවුරුදු විස්සක් මුළුල්ලේ ජනතාවගේ ඡන්දයෙන් පත් වී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයෙකුව කිසිම වැරැද්දක් නොමැතිව ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කර මාස තුනක් රැඳවුම් භාරයේ තබා ගැනීම කුමන ආකාරයකින් සාධාරණද?

Read More

මේ මාසයේදී කෝවිඩ්-19 අර්බුදය ගැන මෝදි කතා කළ දෙවැනි අවස්ථාව මෙයයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආසාදන අඩුවන ප්‍රාන්තවලින් දිගින් දිගටම සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියේය.

Read More

තුල්හිරිය MAS කර්මාන්තශාලාවෙන් කොවිඩ් ආසාදිතයන් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් විජේසූරිය මහතා පවසයි.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී සිටින අතර , ඒ අනුව මේ දක්වා මෙම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,903 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 744 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොළඹ ජාතික රෝහල සදහා සෞඛය ආරක්‍ෂිත උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

Read More

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

Read More

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් යෝජනා කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට අද (18දා) රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 211දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදි ඉන් රැඳවියන් 104 දෙනෙකු කොවිඩ් වෛරස ආසාදිතයන් බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.

Read More

අද (18) දින තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රක්ක දෙකේ Covid 19 ආසාදිත වී නිවෙස් වල රැඳී සිටින සංකූලතා සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (18) සඳහන් කළේය.

Read More

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,516 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.

Read More

මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පොල් ආශ්‍රීත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයින් 53 කට කොරෝනා ආසාදනය වි ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

දින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.