saravita-anim2

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා

Latest News - timelapse 7140 hours ago

LATEST

කොවිඩ් මර්දනය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩො.මිලි.5.5ක්

calendar_today 2021 මැයි 25 - 11:27 remove_red_eye - 368  

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන වැඩසටහනට ඔස්ට්‍රේලියාව ලබාදෙන සමස්ත පැකේජය ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,787ක්) වන අතර, එමගින් සෞඛ්‍යාරක්ෂක, ශ්‍රී ලාංකීය ප්‍රජාවන් අතර සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සහ ස්ථාවරත්වය මෙන්ම, ආර්ථිකය යළි ගොඩනැවීම ආදියද ඉලක්ක කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇ​ත.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබු සංචරණ සිමාව (25) දින අලුයම සිට ලිහිල් කිරිමත් සමග හැටන් නගරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල දි ගැනිමට පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ට දැඩිව සංචරණ නිතිය ක්‍රියාත්මක කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

Read More

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ගංඟා කිහිපයක ජල මට්ටම හෙළ ගොස් අවධානම් මට්ටමට පැමිණ තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 29 දෙනෙකු (24) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.

Read More

සංචරණ සීමා පැනවීමට සමගාමීව මත්පැන් හල් වසා තැබීමට ගත් තීරණය සුපිරි වෙළඳසැල්වලටද අදාළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

කොළඹ වරායට නුදුරින් ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරීමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටු දෙකක් විවෘත කිරීමටජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (25) පියවර ගෙන තිබිණි.

Read More

චීන රජය විසින් ප්‍රදානය කරන සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

Read More

මාලි ජනාධිපති බහ් නදව්, අග්‍රාමාත්‍ය මොක්ටාර් ඕවාන් සහ ආරක්ෂක ඇමති සොලෙයිමාන් ඩුකෝර් යන අය අත්අඩංගුවට ගත් එරට හමුදාව, බමාකෝ අගනුවරින් පිටත කැටිහි පිහිටි හමුදා කඳවුරකට ඔවුන්ව රැගෙන ගොස් ඇත්තේ රජයේ අමාත්‍ය මණ්ඩල හා ඉහළ ධුරයන් පිළිබඳ සංශෝධනයකදී හමුදා සාමාජිකයන් දෙදෙනෙකුට සිය ධුරයන් අහිමි වී පැය කිහිපයකට පසුව බවද සඳහන් වෙයි.

Read More

රත්නපුර මුවගම ජල මාපකයේ කලුගඟේ ජල මට්ම අද (25දා) අලුයම 5.30 වනවිට මීටර් 07.7 දක්වා ( අඩි 25 අඟල් 03) දක්වා ඉහළ ගොස් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිබී තිබේ.

Read More

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 745ක් ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

තවත් කොවිඩ් අසාදිත මරණ 33ක් වාර්තා වි තිබේ

Read More

මූලික පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව ලොව වෙනත් රටවල අනාවරණය කරගත් ප්‍රභේදයන්ට එරෙහිව චීනයේ දැනට භාවිත කරන කොවිඩ්-19 මර්දන එන්නත් තවමත් ඵලදායීව ක්‍රියාත්මක වන බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

Read More

ගුවන් තොටුපොල හා ගුවන්සේවා සමාගම විසින් රුපියල් කෝටියක මුදලක් කොවිඩ් ආරමුදලට පරිත්‍යාග කිරීම අද (24) සිදුවිය.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඉහළ ජලාධාර ප‍්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් කලූ ගගේ ජල මට්ටම 24දා සවස 06.00 වන විට ගංවතුර අවදානම් මට්ටම පසුකර ඇති බව රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ දත්ත අනාවරණය කරයි.

Read More

ඉන්දියාව ගෙවීගිය දිනයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 4,454ක් වාර්තා කර තිබුණද, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 222,315ක් වාර්තා කරමින්, පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ අඩුම ආසාදිත අගය පෙන්වමින් යම් ප්‍රගතියක් පෙන්වා තිබේ.

Read More

තවත් සයිනොෆාම් හා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 15ක් මිලදී ගැනීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

දිනෙන් දින වැඩිවන කෝවිඩ් ආසාදිතයින් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වන අය සදහා අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව අසාධ්‍ය රෝගින් 900 දෙනෙකු සදහා ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි වෝල් ඔක්සිජන් උපාංග සහිත අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 687දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 71 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම ලබාදීමට එරට බංග්ලාදේශ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මේ අනුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ලබාදීමට නියමිතය.

Read More

2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය (27) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසිය.

Read More

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

Read More

කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,296 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේ පිටවගොස් තිබේ.

Read More

විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

Read More

මෙම දින වල ලංකාවේ සියලුම රෝහල් වලට පාහේ රුධිර සංචිත පවත්වාගැනීම අපහසු වී ඇති බැවින් රුධිරය දන් දීමේ කටයුතු සඳහා හැකි පමණින් දායක වන ලෙස ජාතික රුධිර පාරවිලයන සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සදහා පහසු වේලාවන් වෙන්කර ගැනීම සදහා 0112369931-4 යන දුරකථන අංක වලට හෝ www.nbts.health යන වෙබ් අඩවියට ප්‍රවේශ වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

Read More

කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ උපදෙස් මත හෙට 25 දා කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 2,283 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.