ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයින් සඳහා යෝග්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය එකඟතාව දී තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,516 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreමාරවිල හත්තිනිය ප්‍රදේශයේ පොල් ආශ්‍රීත අපනයන කර්මාන්ත ශාලාවක සේවකයින් 53 කට කොරෝනා ආසාදනය වි ඇති බව මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read Moreදින 100ක් ගතවන වන ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Read Moreපාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින තමන්ව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට රජය එකඟවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ මිල්ලෑවේ ප්‍රතිස්ථාපනය කිරීමටත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය පිහිටි ඉඩම මිශ්‍ර නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස යොදාගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ අද (18)දා දහවල් වන විට සමස්ත රෝගින් සංඛ්‍යාව 3180 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය පැය 24 තුළ රෝගින් 125ක් හමුවි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
Read Moreබණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 12ක පුද්ගලයන් නම දාහකට ආසන්න ප්‍රමාණයකට සයිනොෆාම් එන්නත මේ වන විට ලබාදී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශිකා වක් පැවසුවාය.
Read Moreඋකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටවු බව පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ගායන ශිල්පී භාතිය ජයකොඩි එයින් සුවය ලබමින් සිටින බව වාර්තාවෙයි.
Read Moreමෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ඊයේ (17) දිනයේ ගම්පහ සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඉහළ අගයක් ගෙන තිබුණි.
Read Moreබේරුවල, පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලෙන් පැන විත් ගාලුපාර ඔස්සේ පාගමනින් බේරුවල සිය නිවසට පැමිණෙමින් සිටියදී සෞඛ්‍ය අංශ සහ බේරුවල පොලීසිය එක්ව එම ආසාදිතයාව බේරුවල මාගල් කන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් .ඩි. ට්. නයනජිත් පැවසීය.
Read Moreසංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා චීනය ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රි ලංකාව අවධාරණය කරයි.
Read Moreඅදට (18) යෙදී ඇති මානුෂීය මෙහෙයුමේ 12වන ජයග්‍රහණ සැමරුම වෙනුවෙන් යුද හමුදාවේ නිලධාරීන් 425 දෙනෙකුට සහ සෙසු නිලයන් 4,289 දෙනෙකුට උසස්වීම් හිමිව තිබේ.
Read Moreමුලතිව් මුල්ලිවයික්කාල් යුදසැමරුම් සඳහා පනවා තිබූ අධිකරණ තහනම් නියෝගයන් සංශෝධනය කොට කොන්දේසි දෙකක් මත සැමරීමට මුලතිව් අධිකරණය විසින් අවසර ලබා දී ඇත.
Read Moreඑදා යුද්දෙට ගිය කිසිකෙනෙක් ඒ සඳහා ගියේ ජන සංහාරයක් කරන්න නෙවෙයි. එදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක ජන සංහාරයක් කරන්න තමන්ගේ සේනා මෙහෙයවපු අය නොවෙයි.
Read Moreරාජ්‍ය සේවයකයන්ගේ මැයි මස වැටුප නියමිත දිනට පෙර ලබා දීමට රජය තීරණය කර තිබේ. පවතින කොවිඩි-19 වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබා දී තිබීම ඊට හේතුවයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 494 දෙනෙකු අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති බවත් මින් 80 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreරජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා රජරට විශ්ව විද්‍යාල වෙබ් පිටු වෙත මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබේ.
Read Moreහෙට පෙ.ව 8.30 සිට පැය 16ක් පැලියගොඩ ,වත්තල -මාබෝල , ජා ඇල නගරය ,කටුනායක ,සිදුව,කැලණිය ,වත්තල ,බියගම ,මහර ,දොම්පේ සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
Read Moreරක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (18) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.
Read Moreවරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරයකින් බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.
Read Moreමැයි 24 දා සඳුදා 25 දා අඟහරුවාදා විශේෂ රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ. එසේම මැයි 26 දා 27 දා වෙසක් පොහෝ දිනයන් නිවාඩු වෙයි.
Read Moreදේශීය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජනපදය ඒකපාර්ශවිකව හමුදා ඉවත් කර ගැනීම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වයට අවිනිශ්චිතතාවයක් ගෙන ආවත්, ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැපවන බවත්, එරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේද පොදු අපේක්ෂාවන් මල්ඵල ගන්වන බවත් චීනය පවසයි.
Read Moreවසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) 12 වසරක් සපිරෙයි.
Read Moreකොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සකස් කළ ඇඳන් 1300කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
Read Moreරුසියාවේ නිෂ්පාදිත ’ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන එස්. තුරෙයිරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 424823ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.
Read More