saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 7226 hours ago

LATEST

මුදල් පනත සම්මතයි

calendar_today 2021 සැප් 07 - 18:11 remove_red_eye - 496  

මුදල් පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත් විය. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව​ට ලකුණු 204ක ඉලක්කයක් හිමිව ති​බේ.

Read More

ඇතැම් පුද්ගලයන් අධිකරණයට හානි කරන පදනම් විරහිත විවේචන, විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන යන බවත් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන්ද හුදු කටකතා පදනම් කර ගනිමින්,සැලසුම් සහගත ලෙස පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට උත්සාහ දරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

දින දෙකකට පෙර මරණයට පත්වු පියා රහසේම භුමිදානය කරලා

Read More

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එළඹෙන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. මෙම පැමිණිල්ල අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය සිදුකෙරුණි.

Read More

ජපානයේ ටෝකියෝ පැරාඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය 09/07 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මාස හතක් තුළ වැව් අමුණු 1400 ක් පිළිසකර කිරීමේ වැඩ ආරම්භ කර තිබෙනවා.

Read More

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අනූ හතර ලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබා දී ඇතැයි යුද හමුදාපති, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිරෙමින් තිබෙන අවස්ථාවේදී විපක්ෂය පසුගිය මාස 5 කාලයකදී ජනතාව 106,648ක් උද්ඝෝෂණ සඳහා යොමු කර තිබෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

සගවා ඇති වී තොග සෙවීමේ මෙහෙයුම් පාරිභෝගික සේවා අධීකාරිය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

Read More

මුදල් පනත හරහා ආණ්ඩුව ආදයම් හෙළි නොකල වංචනිකයන්ට බදු සමාවක් ලබා දීම හරහා අවංකව බදු ගෙවන පුද්ගලයන්ට රටේ මුලු වැය බර පැටවෙන බවත් එමෙන්ම මෙවැනි බදු සහන හරහා වංචනිකයන්ට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් නිර්මාණය වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ​තෙවන සහ අවසන් එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

Read More

නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඔ්නී අපිත් සාමාජිකත්වය දරණ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් අපි ලබන අවුරුද්දෙත් පුලුවන් තරම් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමට කටයුතු කරනවා.”

Read More

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සිවුදෙනා සැප්තැම්බර් 21 දක්වා යළි රිමාන්ඩ් කර තිබේ.

Read More

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව අද (07) පෙරවරු 10.38ට පමණ මැග්නිටියුඩ් 2.4ක භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් මරණ සංඛ්‍යාව සෑහීමකට පත්වන ලෙස අඩුවීමක් සිදුවී නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කර සිටියි.

Read More

අමාත්‍යාංශවල විෂය පථයට ඇතුළත් නොවන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විෂයන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කර තිබෙනවා.

Read More

(FULL LIST)මේ අනුව රජයට අයිති ඉඩම් අක්කර 1900කට අධික ප්‍රමාණයක් බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය.

Read More

මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිතයින් 3182 ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා.

Read More

එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුළ දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 320,283 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දි තිබේ.

Read More

මෙරට අවුරුදු 20 වැඩි සියලු පුද්ගලයන්ට ඉදිරි සති 06 ක කාලයක් තුල කෝවිඩ් එන්නත්කරණය සිදු කර අව​සන් කිරීමු ආණ්ඩුවේ බලාපොරොත්තුව බව ඹෟෂද නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40ක බද්දක් අයකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර සිටියි.

Read More

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය අමාත්‍යධුරයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි. මහ බැංකුවේ අධිපති තනතුර යළිත් භාර ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පැරාලිම්පික් උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් (‘එෆ් 46’ කාණ්ඩය) ලෝක වාර්තාවක් සමඟ රන් පදක්කම දිනූ යුද හමුදා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට සහ ‘එෆ් 64’ කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

Read More

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළදී ශ්‍රී ලංකා රේගුව තම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසනවා.

Read More

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත ඊයේ (06) දින අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (07) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.