saravita-anim2

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3604 hours ago

LATEST

තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණයි

calendar_today 2023 සැප් 22 - 08:14 remove_red_eye - 208  

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1%ක් දක්වා පහළ බැස තිබේ. 2023 ජූලි මාසයේදී මෙරට උද්ධමනය වාර්තා වූයේ, 4.6%ක් ලෙසයි.

Read More

එළඹෙන මස පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත දේශගුණ අනුහුරුවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නියෝජනය කිරීමට විෂය පථයට අදාළ නිලධාරීන් සිටියදී ප්‍රධාන විගණන නිලධාරියා සහ යාන්ත්‍රික ඉංජිනේරුවරයා නම් කර යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු යොදා තිබේ.

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.

Read More

ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය අද (21දා) ප්‍රකාශ කළේය.

Read More

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද දින පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒකමතික එකඟත්වය හිමි විය.

Read More

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය විය

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 සැප්තැම්බර් 19 වැනි දින, න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට (TPNW) එකඟත්වය පළ කිරීම සඳහා වන සාධන පත්‍රය තැන්පත් කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව එම ගිවිසුමේ 69 වැනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්විය.

Read More

ඇත්ගොව්වන්ට NVQ පුහුණුව ලබාදීමට කටයුතු කරන කාලසීමාවක පෙරේදා (20) රාත්‍රි පෙරහැරක රැගෙන යාමට සූදානම්වූ හස්තියකු භාරව සිටී ඇත් ගොව්වෙකු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් පෙරහැරෙන් ඉවත්කල පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තාවේ .

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගැනීමෙන් පක්‍ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්‍ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (21) වාරණ නියෝගයක් නිකුත් කළේය.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් පහයි භාගයක් නීතිවිරෝධී ලෙස රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21දා) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තේ මණ්ඩලයේ කටයුතු පිළිබඳ කෝප් කමිටුවේ කනස්සල්ල තේ කර්මාන්තය ආශ්‍රිත එකතුවකට යෝජනා තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය අමාත්‍ය මණ්ඩල අනුමතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය සකස් නොකිරීම පිළිබඳ කමි

Read More

’’රටේ ජනතාවගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරුන් විශාල වශයෙන් රට හැර ගොස් තිබෙනවා. රෝහල් තුළ ඇතිවන වෛද්‍යවරුන්ගේ හිඟයට ආදේශකයින් නොමැතිකමින් රෝගීන් විශාල දුෂ්කරතාවයන්ට පත්ව තිබෙනවා. මේ ආකාරයට වෛද්‍යවරු විදේශගත වීම වලකාලීමට රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ’’

Read More

මහවැලි අධිකාරියේ සේවයේ නියුතු වැඩ බලන ඒකක කළමනාකාරවරයකු ඉඩමක් පැවරීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන්, පුද්ගලයකුගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී ඊයේ (20දා) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලීසිය පවසයි.

Read More

කන්තලේ මුලස්ථාන පොලිස් වසමට අයත් කන්තලේ වැව් ඉස්මත්තේ බට හතර කොටසේදි පෙරේදා (20)අවස්ථා දෙකකදි සිදුවු වල් අලි පහරදීම් දෙකකින් පොලිස් ස්ථානාධිපතිවරයෙකු බරපතල තුවාල ලැබු අතර අනෙක් පහරදිමෙන් පුද්ගලයකු මියගිය බව පොලිසිය කියයි

Read More

මොනරාගල පොලිස් වසමට අයත් කුඹුක්කන අන්දරමණ්ඩිය පදිංචි අවුරුදු 12 මාස 06 වයසැති දැරියකට ලිංගික අතවරකළ 68 හැවිරිදි පුද්ගලයෙකු මොනරාගල පොලීසිය මඟින් ඉකුත් (20) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අධිසුඛෝපභෝගී බස්රථයක් අද (21දා) අලුයම් කාලයේදී ගිනිගැනීමෙන් සම්පූරණයෙන් විනාශ වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

කුරුණෑගල මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක හැපීමෙන් මරණයට පත්වූ බව කියන දහඅට හැවිරිදි තම පුතුගේ මරණය සැක සහිත බව ඔහුගේ දෙමාපියන් පවසති.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියක් ඊයේ (20) දින කිලෝමිටර් 54 ක දුරක් පැය 8 විනාඩි 30 අඛණ්ඩව පාගමනේ නිරත වෙමින් චෝලන් වාර්තාවක් පිහිට විමට සමත් වි ඇත.

Read More

අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඟුරු වැව ග්‍රාම සේවා වසමේ කලුආරච්චියාගම ප්‍රදේශයේ 20 දින රාත්‍රියේ නිවෙස් කිහිපයක භූ චලනයක් වැනි සිද්ධියක් වාර්තා වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) මහත්මිය අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව ඊයේ (20) නිව්යෝර්ක් නුවරදී සිදු විය.

Read More

අවිස්සාවේල්ල ඉහළතල්දූවේ දී ඊයේ රාත්‍රී කාලයේදී සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය පවසයි.

Read More

මහනුවර මහ නගර සභාවට බඳවාගත් කම්කරුවෙකු මාස 03 ක කාලයක් සේවය කිරීමෙන් අනතුරුව සේවය අතහැර ගිය පසුත් වසර 04 ක කාලයක් වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභාවේ විගණන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පවසයි.

Read More

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවසීය.

Read More

අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නෙකටුනුවැව ගම්මානයේ ගෙවත්තක් වටා ඇද තිබූ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී අද (20දා) අළුයම දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව සිටියදී හමුවූ බව වන ජීවී අංශ පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ මැලේසියානු ජාතිකයෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන්, පසුව ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු දෝහා වෙතම පිටුවහල් කර තිබේ

Read More

මීට වසර කිහිපයකට ඉහතදී මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පරිත්‍යාගය කරන ලද මියන් කුමාර් ඇත් රාජයා ලවා විහාරස්ථානය ආසන්නයේ මඩෙහි එරුණු ලොරියක් අද (20) දහවල් ගොඩට ගැනීමට ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් වැරෙන් පහර දෙමින් දැඩි උත්සාහයක යෙදෙන අයුරු දුටු එහි සිටි බොහෝ පිරිසක් තම අප්‍රසාදය පළ කළහ.

Read More

එක්දින ලෝක කුසලානය පවතින අවස්ථාවක කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීම හොඳ තීරණයක් නොවෙනු ඇති බවත් දසුන් ශානක තවදුරටත් නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇති බවත් හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වත්මන් නායක දසුන් ශානක වෙතම පැවැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.