saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 3134 hours ago

LATEST

අතරමැදි කන්නයේ මුං වගාකළ ගොවීන්ගේ අතමිට සරුවෙයි

calendar_today 2023 ඔක් 12 - 16:40 remove_red_eye - 368  

ඒ අනුව අක්කරයකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ ආදායමක් ගොවීන්ට ලබාගැනීමට හැකිවී තිබේ. වී වගාවට වඩා මුංවගාව ලාභදායී බව ගොවීහු පවසති.

සේවය කළ ලොරියේ පිටුපස ට හා ගබඩාවක බිත්තියකට හිරවීමෙන් බරපතල තුවාල ලැබූ ලොරි සහායකයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්වූ බව බියගම පොලීසිය පවසයි.

Read More

ඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (12) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.

Read More

ත්‍රීරෝද රථ අමතර කොටස් ආනයනය සම්පූර්ණයෙන්ම නවත් වන්නේනම් ලක්ෂ දහසයක් වූ මෙරට ත්‍රීරෝද රථ වලට අවශ්‍ය සියළුම අමතර කොටස් තම ආයතනය හරහා සැපයීමට හැකි බව පොල්ගස්ඕවිට මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී. මිල්ටන් මහතා පවසයි . ඒ හරහා මාසිකව රුපියල් පනස් දහසකට අධික වැටුපක් සහිතව දක්ෂ කාර්මිකයින් තුන්සිය දෙනෙකුට රැකියා අවස්ථා ලබා දිමට ද හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීය.

Read More

විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී.

Read More

පලස්තීනයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රා යෙලයට එල්ල කළ ප්‍රහරයෙන් පසුව ඇතිවූ යුද්ධය හේතුවෙන් මේ වන විට පලස්තීනයේ ගාසා තීරයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් මෙන්ම ඊ ශ්‍රා යෙලයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.

Read More

අම්බලන්ගොඩ මීටියාගොඩදී අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදි මියගිය පුද්ගලයා පසුගියදා රත්ගම ප්‍ර දේශයේදී හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් වන බාලේන්ද්‍රසිං මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

Read More

’’ඩොලර් බිලියන 46ක ණයක් තිබුණා. අපි බහුපාර්ශ්වීය ණය ගෙව්වා. ද්විපාර්ශ්වීය ණය ගෙවන්න තියෙනවා. අපේ විශාලම ණය හිමියා චීනය. චීනයේ එක්සිම් බැංකුව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට දන්වා තිබෙනවා. මෙය හොඳ ප්‍රකාශයක්. මේ ගැන අපිට ඉදිරියේදී දැන ගන්නට ලැබේවි.’’

Read More

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

Read More

මීටියාගොඩ මහවත්ත ප්‍ර දේශයේදී අද(12දා) උදේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එල්ල කරන ලද වෙඩි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශ

Read More

ශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇති වී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, පෙර දැක්ම කර ගනිමින් මව්බිම ජනතා පක්‍ෂ නිර්මාණය කළ බව එහි නායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශේෂිත එකඟතාවකට පිවිසීමක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්ව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර් පවසයි. අද (11දා) දිනයේදී මොරොක්කෝවේ, මරාකෙෂ් නුවරදී පැවැත්වුණු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.

Read More

ප්‍රංශයේ ජීවත්වන චමිලා මාන්නප්පෙරුම මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරු කැළ ආහාර නිෂ්පාදනය කොට ඒවා අලෙවි කිරීමෙන් ලද මුදල් මේ සදහා වැය කර ඇති අතර මීට පෙර රුපියල් ලක්ෂ පනහකට ආසන්න ඖෂධ හා වෛද්‍ය උපකරණ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී පළමු තරග ද්විත්වයේදීම පිතිකරුවන්ගේ දැඩි පහරදීමට ලක්වූ ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.

Read More

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Read More

විදුලි වාහන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයින්ට ඒ පිලිබඳව තොරතුරු ලබා දීම සහ තිරසාර ප්‍රවාහන විසඳුම්වල වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සහ පොසිල ඉන්ධන මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය විදුලි වාහන දෙසට නැඹුරු කිරීමේ අරමුණ ඇතුව E shift Concept center කොළඹදී අද (11) විවෘත විය.

Read More

පවතින යුදමය වාතාවරණය හමුවේ ඊශ්‍රාලය වෙත ශ්‍රමිකයන් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය් අද මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

Read More

අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භව ඇති බව එම ජලාශය භාර නිලධාරියකු පැවසිය.

Read More

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න මහතා විසින් අද (11) මරණ දඩුවම නියම කලේය .

Read More

මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් උසස් කර ඇත. ලුතිනන්වරුන් 84 දෙනෙක් කපිතාන් නිලයටත් දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙක් ලුතිනන් නිලයටත් උසස් කර තිබේ.

Read More

දකුණු පළාත මූලික කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

වයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹා යාමට හිමි වාර්තාව තම රට ඉදිරියේදී තබා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරිමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

පියා රටේ ජනාධිපතිවරයෙකු වූ පමණින් දරුවාට ’බැට්න් එක’ ප්‍රදානය කිරීමට නොහැකි බවත්, කාලානුරූපව අදාළ නායකත්වය බිහිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණය මත ගාලු , මාතර දෙදිසාවේ ගංවතුරට යටවූ පාසල් හා ගංවතුර නිසා අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට (11දා) සිට විවෘත කෙරෙන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

විදුලි සැර වද්දවා අලියකු මරා දැමිමේ චෝදනාවට වරදකරු වු අයකුට මුදලින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් තින්දුව දුන් දිනම ගෙවන ලෙසත් නඩුවට සම්බන්ධ සියලුම නඩු භාණ්ඩ රාජසන්තක කරන ලෙසත් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා 10 දින නියෝග කෙරුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.