ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය.
Read Moreගණපූර්ණය නොමැතිවීමෙන් අද (10) ප.ව 12.05ට පමණ පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.
Read Moreආණ්ඩු පක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පැවැත්වේ. මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 8.30 ට පැවැත්වීනට නියමිතය.
Read Moreසබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණූ ලබා දීම සදහා ඊට අදාල ගිවිසුම්ගත වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සිදුවිය.
Read Moreශ්‍රී ලංකා රජය විසින් තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති එල්ටීටී සංවිධානයේ ලාංඡනයට සමාන ස්ටිකරයක් අලවා ධාවනය කළ ත්‍රී රෝද රථයක් හා එහි රියදුරු අත්ඩංගුවට ගත් බව මාතලේ කන්දෙනුවර පොලිසිය පවසයි.
Read Moreමේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව හා අනෙකුත් හමුදා අතර හා මිහින්තලා විහාරාධිපති හිමියන් අතර ඇති විශ්වාසය යම් කිසි ආකාරයකට පළුදු වී ඇති බැවින් හා සහ සම්බන්ධයද පළුුදු වී ඇති බැවින් ශ්‍රි ලංකා යුද හමුදාවේ හා අනෙකුත් හමුදාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ සිට ඔවුන් එම රාජකාරිවලින් මුදවා ලිමට නියමිතයි.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ක්‍රියාත්මක වෙමින් පැවති පළමු ජනන යන්ත්‍රයද 9 දින රාත්‍රියෙ සිදුවු දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිද වැටිමත් සමග නැවති යාමේන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පුර්ණයෙන් නැවති ඇති බව විදුලි බල මංඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා 10 දින පැවසිය.
Read Moreගාල්ල කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරිම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලීසිය සදහන් කරයි.
Read Moreඅපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුළුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.
Read Moreඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ ’’ හේලි ’’ නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .
Read Moreදිවයින පුරාම ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරමභ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
Read Moreහල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද (09) නවය සවස විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයින් අනූ හත්දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.
Read Moreරට පුරා හිටිහැටියේ විදුලි විසන්ධිවීම සිදුවූයේ කෙසේද යන්න බුද්ධි අංශය විසින් විශේෂ පරීක්ශණයක් පැවැත්වීමට තීරණය වී ඇතැයි
Read Moreදිවයිනේ ප්‍ර දේශ රැසකට විසන්ධි වූ විදුලි සැපයුම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කර තිබේ. ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම දිවයින පුරාම වාර්තා විය.
Read Moreමෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
Read Moreගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරය දක්වා උතුරු මාර්ගයේ ධාවනය වන අංක 4091/4092 යාල් නිලා දුම්රිය සඳහා රාජ්‍ය සේවක දුම්රිය ගමන් බලපත්‍ර මගින් පළමුවන හා දෙවැනි පන්තියේ ආසන වෙන් කර ගැනීමේ පහසුකම සපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ අතපසු වී ගිය ගමන් මලු අතර තිබී රුපියල් කෝටි 10 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා වූ වැදගත් පියවරක් ලෙස, සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
Read Moreමහජනතාවට උපරිම සාධාරණයක් ඉටුවන අයුරින් තමාගේ සහ තම තනතුරේ ගෞරවය ආරක්ෂා කරමින් තමුන්ගේ සේවය උපරිමයෙන් අයුරින් ලබාදීමට හදිදි මරණ පරීක්ෂකවරුන් කැපවියයුතු යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්විය.
Read Moreයුධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව දෙසැම්බර් 08 වන දින අළුයම් කාලයේදී නීති විරෝධීව බීඩි කොළ කිලෝ 2600ක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් ’ඒ’ සාමාර්ථ 25 ක් නිවසට ගෙන එමින් දෙමාපියන්ට ඉහලම තෑග්ගක් දායාද කළ තුන් නිවුන් සොයුරන් තිදෙනෙකු අපට හමුවිය .
Read Moreඔක්කම්පිටිය ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩ විසූ 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස්නව හැවිරිදි විහාරාධිපති හිමියන් ඊයේ (07) වෙනිදා ඔක්කම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.
Read Moreවිපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බවත් හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ධකෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබයි.
Read Moreනැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර , එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreඓතිහාසික කතරගම දේවාලයට බැතිමතකු විසින් පූජා කරන ලද රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුතු වූ සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More