saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

Latest News - timelapse 2950 hours ago

LATEST

නවතා තිබූ ට්‍රැක්ටර් ටේලරයක යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනෙක් සමුගනියි

calendar_today 2023 සැප් 06 - 15:00 remove_red_eye - 318  

ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ මාන්කුලම් - මුලතිව් මාර්ගයේ 21 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී මාන්කුලම් දෙස සිට මුලතිව් දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ වම්පස අයිනෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින් අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එහි නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා පත්කර තිබේ. එම පක්‍ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දයාසිරි ජයසේකර මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.

Read More

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු මිල වේගයෙන් පහත වැටීම අලෙවි නොවීම, එළවළවළු තොග ප්‍රමාණවත්ව නොලැබීම ආදී කරුණු හේතුවෙන් ගොවීන් ව්යාපාරිකයන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

Read More

මොරගහහේන නගරයේ පදික මාරුව මතදී තරුණ පෙම්වතුන් යුවළක් අනතුරට ලක් කර පලාගිය මෝටර් රථ රියදුරු දින පහකට පසුව අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි’

Read More

රැසියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවල හා සත්ව ගොවිපලවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට සිය සේවා ස්ථානවල ගැටළු රැසක් පවතින බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබෙන බවත් ඔවුන්ගේ ගැටළු පිළිබදව සොයා බැලීම හා නව රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට උදාකර ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් පිරිසක් මේ දිනවල රුසියාවේ සංචාරයක නිරතව සිටින බවත් එම කාර්යාංශය කියයි

Read More

සංචාරක වීසා මගින් පුද්ගලයින් රැකියා සදහා ඕමාන් රාජ්‍යයට ගොස් එහිදී විවිධ හිරිහැරයන්ට ලක්වූ සිදුවීම් පසුගිය සමයේදී වාර්තා වූ අතර, එය අවම කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයත් ඕමාන් රජයත් එක්ව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

Read More

කුරුණෑගල හබරණ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට රජය විසින් 2022 දෙසැම්බර් මස තීන්දුවක් ගැනීම හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා වියදම් කළ රු.මිලියන 560ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත් වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 සැප්තැම්බර් මස 02 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරියකුගෙන් කරන ලද විමසීමක දී පෙරේදා(4දා) අනාවරණය විය.

Read More

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය ඉකුත් සිකුරාදා( 01දා) සිට සේවයට වාර්තා නොකිරීම නිසා රෝහලේ ශල්‍යාගාරවල සහ දැඩි සත්කාර ඒකකයේ වැඩ අඩාළවී ඇති බව රෝහල් බලධාරීහු පවසති. යූ.ටී. නානායක්කාර නම්වූ මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසමින් යම් පුද්ගලයකු ඊයේ (05දා) රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවමින් ඇය නැවත සේවයට නොඑන බව දන්වා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

Read More

මේ වනවිට වගා හානි වාර්තා වන ආකාරය අනුව අවම වශයෙන් අක්කර 70,000ක් පමණ නියඟය හේතුවෙන් හානියට ලක්ව ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමාන කරයි.

Read More

තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට ඊයේ (04) රාත්‍රියේ වැටුණු වන අලියකු ගොඩ ගැනීම සඳහා අද (05) දවස පුරා වන ජීවී නිළධාරීන් උත්සහ කළද පස්වරු 03.00 පමණ වන විටත් වන අලියා ගොඩට ගැනීමට නොහැකි විය.

Read More

විටමින් “සී” ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු අද පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණ කළහ.

Read More

තැපැල් මාර්ගයෙන් මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

Read More

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයේ ලකුණු දෙකකින් තියුණු තරගයකින් අනතුරුව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය.

Read More

නිකවැරටිය නගරාසන්නයේ කුඹුරු යායක් මැද තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් අද (05 දා) පස්වරුවේ සොයා ගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

නවීන තාක්ෂණය සමග සම්බන්ධ කර ගනිමින් මධ්‍යම පළාතේ බස් ධාවන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් පළාතේ ධාවනය කෙරෙන සියළුම බස් රථ ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමටත්, ජංගම දුරකතන යෙදවුම් මගින් ධාවන කාල සටහන දැන ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට තීරණය කෙරිණි.

Read More

අනතුරකට ලක්ව මොළය මියයෑමෙන් ජීවිතක්ෂයට පත්වූ මලියදේව බාළිකා විදුහලේ විහගනා ආරියවංශ දියණිය ඊයේ ප්‍රතිඵල නිකුත් වූ අපොස උසස්පෙළ විභාගයෙන් ඒ් සාමාර්ථ තුනක් සහිතව සරසවි වරම් හිමිකරගෙ තිබුණි.

Read More

“මගේ පණවගේ හිටපු තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුණා. තාත්තා ආස කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහළ තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා” යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ තායිලන් තාතානාපති කාර්යාලයේ ආරාධනයකට අනුව මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා එක්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන රාජපක්ෂ පශු වෛද්‍ය මධූෂා පෙරේරා ජ්‍යේෂ්ඨ සත්ත්ව ආරක්ෂක, නදුන් ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් සමග තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරී දෙදෙනකු ඇතුළු පස් දෙනෙකුගේ කණ්ඩායමක් 04 දින රාත්‍රී 11:00ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් තායිලන්තය බලා පිටත් ගියේය.

Read More

මෙවර උසස් පෙළ කලා අංශයේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය දෘශ්‍යාබාධිත සිසුවෙකු වන ගෙලිඔය ශ්‍රී ප්‍රඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ එච්. ඒ. තිවංක රණබාහු සිසුවා විසින් හිමි කරගෙන තිබේ .

Read More

ධම්මික පෙරේරා, එස්.බී. හා රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තු කමිටුවකින් ඉල්ලා අස්වෙයි

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “දේශීය ආදායම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව තමා වෙත ලැබී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

Read More

මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ජි.මානෙත් බානුල ශිෂ්‍යයා විසින් හිමිකරගන්නා ලදී.

Read More

මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එකට පාඩම් වැඩ කල මිතුරියන් දෙදෙනෙකි.

Read More

මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු ආයතන නවීන තාක්ෂණය තුළින් නැවත ගොඩනැඟිය හැකියි. මේ වන විට අප දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කර තිබෙනවා.

Read More

යුද ගැටුම් හේතුවෙන් දශක තුනක් නැවතී තිබුණු ඛණිජ වැලි ඍජු අපනයන කටයුතු යළි ආරම්භ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායෙන් ටොන් 30,000 ක ’’සර්කෝන්’’ නමැති පළමු ඛනිජ වැලි තොගය රැගත් නෞකාව පෙරේදා (03දා) රාත්‍රී චීනය බලා පිටත් විය.

Read More

කිසිදු හේතුවක් නොමැතිව ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා මෙතෙක් සංස්ථාව ලැබූ 4%ක් ශුද්ධ ලාභය මේ වනවිට 6%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මෙම ලාභය විදේශීය ඉන්ධන පිරිවුම්හල්වලටත් ලැබෙන බවත් ඉන්ධන, වරයා, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.