saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 2791 hours ago

LATEST

එමීරයේ බන්ධනගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

calendar_today 2023 දෙසැ 31 - 08:33 remove_red_eye - 275  

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට සමාව ලබාදීමට රාජකීය නියෝගයක් හරහා කටයුතු කර තිබේ.

තලවකැළේ වටගොඩ අතරදී ඊයේ උදෑසන පිළිපැනීමට ලක් වූ දුම්රිය ඊයේ 30 රාත්‍රී නවය පමණ වන විට යළි පිළිගත කිරීම අවසන් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසීය.

Read More

රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් (මිලියන 176.8 ක් ) වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති රත්තරන් බිස්කට් 66 ක් සිය යට ඇදුමේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්යය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු 12/30 දින පස්වරු 04.30 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව කසළ තේ කිලෝ ග්‍රෑම් 6045ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ලොරි රථය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවස

Read More

උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැළේ වටගොඩ අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට අදත් 30 දින බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

2023 සැප්තැම්බර්, ඔක්තෝම්බර්,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

Read More

ප්‍රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කුඩු රොෂාන්, ඔහුගේ සහෝදරයා හා තවත් දින හතරක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වරකාපොල පොලීසියට අවසර දුන්නේය.

Read More

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මේ වන විට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රටේ නිවාසවල ආදායම් මට්ටම 60%කින් අඩුවන විට වියදම් මට්ටම 90% කින් වැඩි වී ඇති බවත් ආර්ථික අර්බුදය නිසා සියයට 22ක් ණය බරින් පෙළෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ධාරාණිපාත වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටී අද 29 සවස පස්සර ලුණුගල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ලුණුගල පොලීසිය කියයි.

Read More

ඓතිහාසික බොල්තුඹේ සමන් මහ දේවාලයේ බස්නායක ධූරයට ගැමුණු බණ්ඩාර වලිසුන්දර මහතා අද (29) තේරී පත් විය.

Read More

ප්‍රමිතියෙන් බාල ඖෂධ රට තුළට ගෙන ඒම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන පරීක්ෂණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදිය යුතු පූර්ණ සහය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් සහ බදුල්ල කොළඹ පොඩිමැනිකේ දුම්රිය පිළීපැනිමට ලක් වීමෙන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (29) පස්වරුවේ යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළදපලේ අමුමිරිස් එක කරලක් රු 10 - 15ත් අතර මුදලකට 29 දින අලවි වන බව ජනතාව පවසති .

Read More

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය අද උදෑසන 8.30ට පමණ හාලිඇළ බදුල්ල දුම්රිය ස්ථාන දෙක අතරදි පිළිපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.

Read More

අද දහවල් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මඩකලපුව - පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසා දැමීම සිදු වේ.

Read More

ජනවාරි 04 වැනි දා සිට 31 වැනි දා දක්වා පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු අද ( 29 වැනි) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගොවීන්ට බෙදා දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කර යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21කින් 40%ක් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වහාම බැහැර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සමහර ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු.1800 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, බෝංචි හා වම්බටු කිලෝවක මිල රු. 800 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල්වලින් සියයට 60.5 ක මාසික ආදායම පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Read More

සැමියා විදෙස්ගතව සිටින මේ කාන්තාව හිටපු පොලිස් නිලධාරියෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වගෙන ගොස් ඇති බවත් ඔහු සමග කාමරවලට ගොස් ගත කළ අයුරු හිටපු පොලිස් නිලධාරියා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ගෙන එය පෙන්න පෙන්නා ඒවා සැමියාට යවන බව පවසා ඇයගෙන් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් මේ වනවිට ඔහු ඇයගෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ අරගෙන ඇති බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

රජය මගින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන යටතේ ලබන ජනවාරි 01 වැනිදා සිට ඉන්ධන සහ ගෑස් සඳහාVAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අද (28දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.

Read More

යාපනය අච්චුවේලි තෝප්පු ප්‍රදේශයේ තරුණයෙකු ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 475කි. අර්තාපල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 280කි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 175කි. රතු පරිප්පු කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 309කි. සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 206කි. සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව ම

Read More

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. එහි සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත. 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

Read More

මත් ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් වල නිරත වූයේ යැයි පොලිස් අත් අඩංගුවට ගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කුඩා රොෂාන් නැමැත්තාට අයත් යැයි පැවසෙන නිවාස 2 ක් හා නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථයක් 28 වන දින තහනමට ලක් කල බව ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතා පැවසීය.

Read More

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විකිණීමේ වංචනික ක්‍රියාවන් දිවයින පුරා සිදුවන බවට තොරතුරු දැන ගන්නට ඇති බවත්, එවන් වංචනික ක්‍රියාවන් දැන ගන්නට ලැබුණහොත් 1931 හදිසි ඇමතුම් ඒකකයට දැණුම් දීමට කටයුතු කරන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනෙකු 27 දින සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනෙකු බේරා ගෙන ගැනිමට ධීවරයින් ඇතුළු පිරිසක් සමත්වි ඇති අතර අතුරුදහන් ව සිටි සිසුවාගේ සිරුරු 28 දින හමුවු බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

Read More

දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා ඊයේ (27දා) සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ ‍පොලිසියේ ‍ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.